බටර් කුකීස්

පොඩ්ඩො ලොක්කො ඔක්කොම ආසාවෙන් කන බටර් කුකීස් හදමුද තේ වෙලාවට? වැඩි දෙයක් ඕන නෑ. මෙහෙමයි හදන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය කුඩු කරගත් සීනි කප් 1\2 බටර් ග්‍රෑම් 225 පිටි කප් 2   පියවර සෙල්සියස් 350ට උඳුන රත් වෙන්න තියන්න. ඒ අතරේ සීනි ටිකයි බටර් ටිකයි ක්‍රීම් එකක් වෙනකම් හොඳින් මිශ්‍ර කරගන්න. (බීටරයක් හෝ බ්ලෙන්ඩරයක් පාවිච්චි කරන්න පුළුවන්) ඒකට පිටි ටික ටික කලවම් කරගෙන මෘදු පිටි බෝලයක් වෙනකම් හොඳින් අනාගන්න. පිටි තවරගත්ත ලෑල්ලක් මත අඟල් 1\4ක ඝනකමට තුනී කරන් කැමති හැඩයකට කපාගන්න. තැටියට තෙල් කඩදාසියක් දාගෙන ඒ උඩින් හදාගත්ත කුකීස් ටික තියන් විනාඩි 20ක් 25ක් බේක් කරගන්න. උඳුන් වල රස්නය වෙනස් වෙන්න පුළුවන් නිසා රන්වන් පාට වෙන කොටම මතක ඇතුව උඳුනෙන් ඉවත් කරන්න.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴