කවුරුත් කැමති පොප්කෝන් කන්නෙ දැනගෙනද?෴

පොප් කෝන් කියන්නේ රසවත් ආහාරයක්. යාළුවෝ හමුවුණාම, තනිකම මකාගන්න, කාලය ගෙවා දමන්න මේ නොයෙක් අවස්ථාවල දී පො‍ප් කෝන් කියන්නේ කවුරුත් කන ආහාරයක්. මේක තව පැත්තකින් ආහාර විලාසිතාවක් වෙලා. ඇති රසයක් නැති වුනත් දැක්කම කන්න හිතෙන විදිහට පොප් කෝන් හදලා තියෙන්නේ.  ලෝකේ පුරාම ජනප්‍රිය මේ ආහාරය බැලු බැල්මට හරිම සරලයි වගේ  පෙනුනට   මේ  popcorn සිරුරට ඉතා අහිතකරයි කියලා දන්නවාද ? රසට හැපෙන පැණි දාපු නැති popcorn  එකිනෙකට ඇලෙන්නේ නෑ. ඒ පොප්කෝන් වල තියෙන Perfluooctanoic (PFOA)  කියන  ඇසිඩ් එක නිසා.මේ Perfluooctanoic (PFOA)  කියන ඇසිඩ් එක පුරස්ථිති පිළිකා සහ අක්මා පිළිකා කාරකයක් බව ඒ ගැන හොයලා බැලුවොත් තේරෙනවා. ඒ විතරක් නොවෙයි තයිරොයිඩ් ප්‍රශ්ණ, කොලස්ට්‍රෝල්  රෝගී තත්වයන් රැසකට මේ  Perfluooctanoic කියන ඇසිඩ් එක හේතු වෙනවා. මේ වෙනකොට මේ popcorn නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා වල අය මේ රෝගි තත්වයන්ට බරපතල විදිහට ගොදුරු වෙලා තියෙන්නේ. විශේෂයෙන්  potato chip  සහ  popcorn නිපදවන කර්මාන්ත ශාලා වල ඉන්න සේවකයෝ ඉතා විශාල වශයෙන් පිළිකා වලට ගොදුරු වෙන බව මේ වෙ‍නකොට හෙළිවෙලා ඉවරයි. ඒ සමාගම් ඒ සේවකයින්ට විශාල වශයෙන් රක්ෂණ වන්දි ලබාදීල මේ තත්වය   හෙළිදරව් වීම වළක්වලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ popcorn  වලින් එන බටර් රසයට හේතු වෙන්නෙත් මේකට යොදන රසකාරකයක්. diacetyl කියන මේ රසකාරකය ඇත්තටම රසායනික සංයෝජනයක්. මේ රසායනික සංයෝජනය බරපතල විදිහට පෙනහළු  වලට හානි කරනවා කියලා තහවුරු වෙලා තියෙනවා. මේ හානිදායක තත්වය කිසිවකු නොසිතන තරම් භයානකයි කියල පර්යේෂකයෝ  කියනවා.මේ රසායනික සංයෝජනය පෙනහළු වලට ඇතුළු  වීම නිසා මුලින් ස්වසන ආබාධ ඇතිවෙලා ඇතිවෙලා පෙනහළු නරක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ශල්‍යකර්මයක් මඟින් පෙනහළු බද්ධ කිරීම තමයි කරන්න වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ශල්‍යකර්මය ඉතාම අනතුරුදායක ශල්‍ය කර්මයක්. මේ ශල්‍යකර්මයට ලක්වෙන අයගෙන් ජීවත් වෙන්න වාසනාව ලැබෙන්නේ කීප දෙනෙකුට විතරයි. ලංකාවේ පොප්කෝන්  වල ‍ලේබල් වල සඳහන් කරලා නෑ මොනවද ඇතුළත් වෙන්නේ කියලා. ඒත් පොප්කෝන් හදන්න ගන්න ඇට ඇතුළත් ඇසුරුම් වල තියෙනවා ඒවා කල් තබාගැනීමට එකතු කරලා තියෙන දේවල් මොනවාද කියලා. ඒ අතරේ අපි මේ කිව්ව රසකාරක සහ අම්ල ගැන සදහන් වෙනවා. වසර 10 ක් 12ක් එක දිගට පොප්කෝන් ආහාරයට ගත්තු කෙනෙක් 2007  දී ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒත් මේ නිසා හටගත්ත රෝගාබාධ වලින් තම කීදෙනෙක් කම් මියගිහින් ඇතිද ?මේ නිසා  කාලය වෙනුවට ඉස්සර කාපු පොප්කෝන් ඔබේ ජීවිත කාලය කාල දාන්න කලින් ඔබ ඉස්සර වෙන්න.ඉවත් වෙලා ඉන්න .

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴