ඇදුමට (හතියට) සුවදෙන බෙහෙත්෴

ප්‍රශ්නය - ඇදුම හා පපුවේ මහන්සිය හටගත් විට පාවිච්චි කළ හැකි අත් බෙහෙත් කිහිපයක්‌ ඔබ පසුගිය සතියේ අපට කියා දුන්නා. අද අප එවැනි බෙහෙත් තව කිහිපයක්‌ බලාපොරොත්තු වෙනවා.    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - උතුරන වතුර කෝප්පයක ප්‍රමාණයට කුරුඳු කුඩු තේ හැන්දක්‌ එක්‌ කරන්න. එය පීරිසියකින් වසා විනාඩි 10 ක්‌ තබන්න. එයට මීපැණි තේ හැන්දක්‌ එක්‌කර මද රස්‌නයෙන් පානය කරන්න. මෙය දිනකට දෙවරක්‌ දිනපතා පානය කළ විට පපුවේ තද ගතිය සහ හුස්‌ම ගැනීමේ අපහසුව නැතිව යනවා.    2. ඉඟුරු කුඩු තේ හැඳි භාගයක්‌ සහ වැල් මී කුඩු තේ හැඳි භාගයක්‌ උතුරන වතුර කෝප්පයකට දමා තේ මෙන් පානය කිරීමත් සුදුසුයි.    3. හැම උදයකම මද රස්‌නයෙන් උණු වතුර ලීටරයක්‌ පානය කළ විට ඇඳුම හා හතිය ඇති රෝගීන්ට ඉතා හොඳ සහනයක්‌ ලබාගත හැකියි. මේ මගින් ශරීරයේ විෂ ස්‌වභාවය නැතිව යනවා. දවල් 12 ට පෙර මද රස්‌නය ඇති වතුර නෑම සහ සවස්‌ කාලයේදී නාසයට වාෂ්ප අල්ලා උඩට හුස්‌ම ගැනීම ඉතා සුදුසුයි. මෙය බටහිර විද්‍යාඥයන් හඳුන්වන්නේ Hහාරදඑයෑර්චහ කියලයි.    ප්‍රශ්නය - මේ ප්‍රතිකාර ගන්නා විට රෝගියා ගත යුතු ආහාර මොනවාද?    වෛද්‍ය චාන්දනි වික්‍රමාරච්චි - මෙහිදී ආහාර රටාවක්‌ තිබෙනවා. තද ඇඹුල් සහිත තක්‌කාලි, අච්චාරු, චට්‌නි වැනි ආහාරත් ගැඹුරු තෙලේ බැඳපු ආහාර සහ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය සහ රසකාරක ද්‍රව්‍ය සහ රස කාරක අඩංගු ආහාර ද්‍රව්‍යයන්, මුදවපු කිරි, මෝරු, කව්පි, මුං ඇට, බෝංචි ඇට, චීස්‌ සහ අතිශය පැණි රස ආහාරත් ගැනීමෙන් රෝගියා වැලකී සිටිය යුතුයි. ඕනෑවට වඩා ඉදුනු කෙසෙල් අනුභව කරන්න එපා. නිතරම උණු වතුර පානය කරන්න. රාත්‍රියට සැහැල්ලු ආහාරයක්‌ වේලාසනින් ගන්න. රාත්‍රි ආහාර වේලක්‌ නින්දට යැමත් අතර පැයක පරතරයක්‌ තබන්න.    විශේෂ ඖෂධයක්‌ - පපුවේ මහන්සිය ඇති රෝගීන් පපුවේ මහන්සිය නැති කාලයේදී පහත සඳහන් ඖෂධ ගත් විට රෝගය වැළඳීමේ අවදානම අඩුවෙනවා. වියළි මිදි, රටඉඳි, අමු මිරිස්‌, වැල්මී යනාදිය අඹරා සෑම උදයකම කෑමට පසු එයින් තේ හැන්දක්‌ මීපැණි සමඟ ආහාරයට ගන්න. රාත්‍රියේදී තලන ලද සුදු ලූනු දමා ඉතිරවූ එළකිරි පානය කළ යුතුය.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴