පරපෝෂිත ආශාදන෴

(තයිහොයිඩ් හා පැරාටයිතොයිඩ් උණ උණ සන්නිපාතය ටයිෆොයිඩ්)                                                                                                                                                                                         "කර්තෘ " *වෛද්‍ය ශාමිලා සමරනායක  "ආයතනය"  *සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය*    හැදින්වීම෴   රෝග කාරකය ශරීරය තුළ ක්‍රියාත්මක වන ආකාරය රෝග ලක්ෂණ සංකූලතා ප්‍රතිකාර රෝගය වළක්වා ගැනීම පරිශීලන   හැදින්වීම උණ සන්නිපාතය යනු උණ, බඩ අජීර්ණය යන ආසාධන ලක්ෂණ ඇතුළත් රෝගයකි. උණ සන්නිපාතය සමහර විට මද අසනීප තත්ත්වයක් වන අතර,  සමහර විට මරණය ඇති වීමට පවා බරපතල විය හැකි රෝග පරාසයක දක්නට ලැබේ. ආසියාව, අප්‍රිකාව ඇතුළු දියුණු වෙමින් පවතින රටවල ලැබේ. ඉහළට රෝග කාරකය සැල්මොනෙලා ටයිෆි යන බැක්ටීරියාව මගින් රෝගය හටගනී. මෙම බැක්ටීරියාව පිරිසිදු බව අඩු ප්‍රදේශවල, එනම් ආහාර සහ ජලය අපවිත්‍ර වීමෙන් බෝවේ. ඉහළට ශරීරය තුළ ක්‍රියාත්මක වන ආකාරය විෂබීජය මිශ්‍ර වූ ආහාර / බීම හෝ ජලය පානය කිරීම තුළින් මෙම බැක්ටීරියාව ‍ශරීරගත වේ. විෂබීජය ශරීරයට ඇතුව වී සති 1 - 3ත් අතර කාලයකින් රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. මෙම බැක්ටීරියාව රෝගියාගේ ආහාර මාර්ගයට හානි කරන අතර රුධිර සංසරණ පද්ධතිය තුළද වර්ධනය වේ. රෝගියකු මලපහ කරන විට මෙම බැක්ටීරියාව නැවත පරිසරයට එක් වේ. උණ සන්නිපාත රෝගියෙකු පිට කරන මලපහ නිසි ලෙස බැහැර නොකළ හොත් එමගින් ජලයද, ආහාර ඇල්ලීම තුලින් ඒවාටද, විෂබීජ ඇතුළු වේ. ඉහළට රෝග ලක්ෂණ රෝග ලක්ෂණ පරාසයක් තුළ දැකිය හැක. තද උණ වියළි කැස්ස ඇගපත වේදනාව, අප්‍රාණික ගතිය බඩේ වේදනාව කෑම අරුචිය, ඔක්කාරය, වමනය හිසේ කැක්කුම බඩ වේලීම හෝ බුරුලට යාම (පාචනය) සම මත ඇති වන රෝස පැහැති ලප - විශේෂයෙන් පපුව ප්‍රදේශයේ උණ සන්නිපාතය කුඩා දරුවන් සහ වයස 60ට වැඩි අයට වඩාත් බරපතල ලෙස ඇති විය හැක. ඉහළට සංකූලතා බරපතල ලෙස රෝගාතුරු වූ විට රෝගියා ඉතාමත් අසනීප තත්ත්වයක පසුවේ. සමහර විට අන්ත්‍ර / බඩවැල් සිදුරු වීම නිසා අභ්‍යන්තර ලේ ගැලීමක් ඇති විය හැක. රෝගියාගේ ප්ලීහාව ඉදිමීමක් දක්නට ලැබේ. මයෝකාඩයිටිස් - එනම් හෘදයේ පේෂි ආසාධනය වීම. උණ සන්නිපාතය දරුණු විට මරණය පවා ඇති වේ. සමහරු රෝග ලක්ෂණ නොපෙන්වුවත් දිගටම විෂබීජය ශරීරය තුළ පවත්වාගෙන යයි. මොවුන් වාහකයන් ලෙස හැදින්වේ. නිසි ප්‍රතිකාර නොගතහොත් ඔවුන්ගේ මලපහ තුළින් දිගටම විෂබීජය පිට කිරීමක් සිදු වේ. සාමාන්‍යයෙන් රෝග කාරකය ශරීර ගත වුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු වාහක තත්ත්වයට පත්වේ. ඉහළට ප්‍රතිකාර විවේකය, හොදින් දියර / ජලය / ජීවනී වැනි දේ පානය කිරීම තුළින් විජලනය වීම වැලැක්වීම. තදින් විජලනය වී ඇත්නම් සේලයින් පිටතින් ලබා දීම. උණ අඩු කර ගැනීමට පැරසිටමෝල් නියමිත මාත්‍රාව පැය 6කට වරක් ගැනීම. උණ සන්නිපාතය ලෙස තදින්ම සැක කෙරේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ ළය රෝහලකින් ප්‍රතිකාර සදහා යොමු වීම. බොහෝ විට ඇන්ටිබයටික්ස් (ප්‍රතිජීවක ඖෂධ) උදා - ක්ලෝරම්ෆෙන්කෝල්, ඇම්පිසිල්න් වැනි ලබා දීම සිදුවේ. ඉහළට රෝගය වළක්වා ගැනීම නිතර සබන් යොදා අත් සේදීම (විශේෂයෙන් ආහාර පිසීමට පෙර, කෑමට පෙර සහ වැසිකිළි යාමෙන් පසු) සෑම විටම උතුරවා නිවාගත් ජලය පානය කරන්න. පිසගත් ආහාර ඉක්මණින් ආහාරයට ගන්න. මැස්සන්ගෙන් ප්‍රවේශම් වන ලෙස වසා තබන්න. අමුවෙන් ආහාරයට ගන්නා එළවළු, පලාවර්ග, පළතුරු කෑමට පෙර පිරිසිදු ජලයෙන් හොදින් සෝදා ගන්න. සෑම විටම මලපහ කිරීමට වැසිකිලියක් භාවිතා කරන්න. කුඩා ළමුන්ගේ මලපහ වැසිකිළියටම දමන්න. එන්නත් භාවිතය - උණ සන්නිපාතය පවතින ප්‍රදේශවලට යාමට පෙර ඒ සදහා ඇති එන්නතක් ලබා ගැනීම. රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා විසින් රෝගය පිළිබද එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාව දැනුවත් කළ යුතුය. එවිට PHI (මහජන සෞඛ්‍ය පරීක්ෂක) පැමිණ එම නිවස සහ ඒ අවට පරීක්ෂාවට ලක් කරයි. එමගින් රෝගය ප්‍රදේශයේ තව දුරටත් පැතිර යාම වැළැක්වීමට පියවර ගැනේ. ඉහළට පරිශීලන පේෂන්ට් යූ.කේ. - උණ සන්නිපාතය පිලිබද ඇති ග්‍රන්ථ, ඩේවිඩ්සන් ග්‍රන්ථය, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශිත “සීසනල් කමියුනිකබල් ඩිසීසස්” නම් ග්‍රන්ථය. ඉහළට Last update on : 2011-03-23 12:09:39 නිතර අසන ප්‍රශ්ණ අප අමතන්න කතුහිමිකම © 2018 සුවසැරිය(Health Net). සියළු හිමිකම් ඇවිරිනි. නිමැවුම සහ සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වියාචනය  

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴