සඳකඩපහනේ ආරම්භය෴
සඳකඩපහණ පමණක් නොව මුරගල මෙන්ම පඩිපෙළ හා සම්බන්ධ වූ කොරවක්ගලද මුල් කාලයේදී දැව වලින් නිර්මාණය කරන්නට ඇතැයි විද්වත්හු පෙන්වා දෙති. සඳකඩපහණේ ඇති මූර්ති හා කැටයම් කිසිවක් මුල්ම කාලයේ සඳකඩපහණෙහි තිබුණේ නැත. එසේ නම් ඊට භාවිත කළ නාමය කුමක්ද? ඒ සඳහා වූ උදාහරණ අද දක්නට තිබේද යන ප්‍රශ්නයද ඒ සමඟ මතු වනු ඇත. මුල් සඳකඩපහණ හැඳින්වූයේ පාටිකා (PATIKA) යන නාමයෙනි. පැරණී විහාර ආරාමවලට ඇතුළු වන දොරටුව පාමුල ඉතා සරළ වූ හතරැස් ගල්පුවරුවක් ලෙසින් මුල්කාලයේදී මෙම පාටිකා දක්නට ලැබුණි. ඒ අනුව මෙය මුලින්ම අර්ධ කවාකාරව තිබුණේ නැත. එය ආයත චතුරශ්‍රාකාරව තිබුණි. එවැනි දිග ආයත චතුරශ්‍රාකාර ගල්පුවරු හැඳින්වූයේ “පාටිකා” යන නාමයෙනි. මෙවැනි පාටිකාවක් අනුරාධපුරයේ අභයගිරි දාගැබට දකුණින් ඇති සන්නිපාත ශාලාවේ ඇතුළු දොරටුවේ පඩිපාමුල දක්නට ලැබේ. මෙය ඉතා කුඩා එකකි. එවැනි පාටිකාවක විශාල ප්‍රමාණයේ එකක් අනුරාධපුරයේ ජේතවනාරාමය දාගැබේ වැලිමළුවට ඇතුළුවන පඩිපෙළ පාමුල ඇත. ඔබ අනුරාධපුරයට ගියවිට මේවා දැකගත හැකිය. දිගින් වැඩි පළලින් අඩු (ආයත චතුරශ්‍රාකාර) මෙම ගල්පුවරුව පසු කාලයේදී විවිධ ආකාරයේ වෙනස්කම්වලට පත්වීමෙන් අනුරාධපුර රාජධානි සමයේ...