සම පැහැපත් කරගන්න මේ විටමින් ගන්න෴

අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක් තමයි විටමින් කියන්නේ. ශරීරයේ ක්‍රියාකාරීත්වයට වගේම පෙනුමටත් බොහොම වැදගත් වන විටමින් වර්ග අපේ ක්ෂනික  ආහාර වේල් එක්ක දැන් හරියට නොලැබී ගිහින්. හැබැයි ඔබ මේ අපි කියන්න යන දේවල් දැනගත්තහම නම් අනිවාර්යෙන්ම විටමින් ගැන සැලකිලිමත් වෙනවා. ඔබේ සම වියළි බවක් සහ ර්ධනයවීම බොහොම ප්‍රමාද බවක් දැනිලා තියෙනවාද?  එහෙනම් අනිවාර්යෙන්ම ඔබේ ඇඟේ විටමින් ඒ ඌනතාවයක් තිබෙනවා. මේක තවත් දරුණු අතට හැරෙද්දී කෑම අරුචිය වමනය සහ හිසරදයත් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම කැරට් , බතල , නිවිති , කිරි , බිත්තර ඔබේ ආහාරයට එකතු කරගන්න. විටමින් B6 අඩු උනාම අපේ ශරීරයට ගන්තුක දේවල් වලට ප්‍රතිවිරෝධී වෙන්න තිබෙන හැකියාව අඩු වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට සම මතුපිට සහ මුඛ කුහරයේ පලු හටගන්නවා . විටමින් B6 හොඳටම අඩු වුණාම අත්වල මෙන්ම කකුල් වල හිරි ගතියක් ඇති වෙනවා . ඒ නිසා මස් , පීකුදු , මාළු ආදිය හෝ ඔබ මස් මාළු කන්නේ නැත්නම් කඩල අනිවාර්යෙන්ම ආහාරයට එක්කර ගන්න වෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වයට සහ මතක ශක්තිය වර්ධනයට ඉවහල් වන විටමින් B12 රතු රුධිර සෛල ජනනය කරන්නටත් දායක වෙනවා. මෙම නිසා රක්තහීනතාවය සහ පසුකාලීනව සමයේ ආසාදන ඇතිවන එක වළක්වා ගන්නටත් පීකුදු , සැමන්, කෙලවල්ලා හෝ බල මාළු වල වගේම ධාන්‍ය වර්ග වල ඇති B12 අපිට ලබාගන්නට සිදුවෙනවා. ඔබගේ මුහුණ ලස්සන වෙන්න නම් ලස්සන සිනහවක් අවශ්‍ය වෙනවා. ඒත් විදුරුමස් වලින් ලේ ගැලීම, ඉදිමීම් වැනි දේවල් නිතර ඇති වෙනවා නම් ඒ විටමින් C අඩු නිසා වෙන්නට පුළුවන්. දොඩම් කෙසෙල් වැනි කහ පැහැති පලතුරු වලින් ඉතාම පහසුවෙන් විටමින් C ලබා ගත හැකිය. කාර්ය බහුල ජීවිතයත් එක්ක අපිව දැන් උදෑසන හිරු එළියට නිරාවරණය වෙන්නෙම නැති තරම්. මේ නිසාම කැල්සියම් අවශෝෂණයට, අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය විටමින් D අපට නොලැබීයාම නිසා පසුකාලීනව සිරුරේ බර අඩුවීම සහ අස්ථිවල ශක්තිමත් බව නැති වීම වැනි රෝග තත්ව ඇතිවෙනවා. ඉතින් ඕසෝන් ස්තරය හානි වීමත් එක්ක දැන් හිරු එළිය විශ්වාස කරන්නත් බැරි නිසාම මෝර තෙල් , යෝගට් , දොඩම් යුෂ වගේ ආහාර වලින් ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම වැදගත් වෙනවා. සමේ පැහැපත් බවට අත්‍යවශ්‍යම සාධකයක් තමයි විටමින් E කියන්නේ. හැබැයි මේවා ලබා ගන්න විවිධ කෘතිම ආලේපන තෙල් වර්ග පාවිච්චි කරනවා, වෙනුවට පලා වර්ග , රටකජු , පලතුරු යුෂ වගේම විටමින් E එකතු කරපු මාජරින් වර්ග ආහාරයට ගන්න පුළුවන් නම් ඊට වඩා හොඳ ප්‍රතිඵල ස්වභාවිකවම ලබා ගන්නට පුළුවන්. ඔබට මේ ලිපිය උපකාරී වුණා නේද?  ඔබව දැනුවත් කළ මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම share කළ ඔබේ යුතුකම ඉටු කරන්න.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴