ලෙඩරෝග රැසකට සුව ගෙනදෙන සහල් වර්ග෴
ශ්‍රී ලාංකීය බෝග වගාවන් සම්බන්ධව අපහට ඇත්තේ ඉතාමත් පෞඩ ඉතිහාසයකි. ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ ගොවිතැන පැවති බවටත් ක්‍රිස්තු පූර්ව 300 සිට ඉදි වූ සුවිශාල වාරි මාර්ග සැලසුම්, ජලාශ ආදියෙන් ඉතාමත් සශ්‍රීක යුගයක් අපට උරුම වී තිබු බවටත් සාධක අපට හමුවේ. ප්‍රධාන ජීවනෝපාය බවට පත් වූ ගොවිතැන් කටයුතු වල දී බෝග වගාවන් වූ වී වර්ග ප්‍රභේද කොට හඳුනා ගැනීම සඳහා අප මුතුන් මිත්තන් විසින් පාරම්පරික, ස්වදේශීය, පාරම්පරික වස්තුව යන නාමයන් බාවිතා කොට ඇත. ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත වූ ශ්‍රී ලංකාව ස්වදේශීය සහල් වර්ග 2000ක් පමණ ලෝකයට හඳුන්වා දී ඇත. යුරෝපීයයන්ගේ ආක්‍රමණයන්ට සමගාමීව සංක්‍රමණ බෝග වගාවන් කෙරෙහි අවධානය යොමු වී ඇත. මෙහි දී රසායනික පොහොර බාවිතයෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි H ශ්‍රේණියේ වී වර්ග හඳුන්වා දී ඇත. මෙම ක්‍රියාදාමය තුළින් සම්ප්‍රදායික සහල් ප්‍රෙභ්දයන්හි අඩංගු වූ, විශාල ප්‍රමාණයක ග්ලුමැටික් අම්ලය , අධිසාන්ද්‍රිය විටමින්, තන්තු සහ අඩු සීනි සාන්ද්‍රණය යන ගුණාත්මකභාවයන් රසායනික පොහොර භාවිතය නිසා ජාතියට අහිමි විය වර්තමානයේ වී නිශ්පාදනය තුළ 95% වගාකරනු ලබන්නේ දෙම...