අසාමාන්‍ය ලෙස බෙල්ලේ කැක්කුම෴

”දවස් ගානක ඉදන් බෙල්ල කැක්කුමයි. ඒ මදිවට උරහිස් දෙකත් කැක්කුමයි. සමහර වේලාවට තද හිසේ කැක්කුමක් ඇතිවෙනවා. ඔළුව පිටිපස්ස, නළලට ටිකක් උඩින් වේදනාවක් දැනෙනවා. තව අත්වල ඇ`ගිලිත් හිරිවැටෙනවා. බෙල්ල එහාට මෙහාට හරවන්න බෑ. බෙල්ලට පහළින් කොඳු ඇට පෙළත් පිට දිහාට යනකල්ම රිදෙනවා.” මෙවැනිි රෝගී තත්වයන් වලින් ඔබත් පෙළෙනවාද? උදැසන අවදිවූ මොහොතේ සිට මෙවන් වේදනා කන්දරාවක් ඔබටත් ඇතිවෙනවාද? මේ වේදනා සියල්ලටම ඔබ පොදුවේ කියන්නේ බෙල්ල රිදෙනවා කියලයි. මේ බෙල්ලේ අමාරුකම බහුලව ඇතිවන්නේ මැදි වයසේ පුද්ගලයන්ටයි. ඒ හැරුණු විට පරිගණක ආශි‍්‍රතව කි‍්‍රයාකරන අයට වගේම අධ්‍යාපනය ලබන වයසේ දරුවන්ටත් (සරසවි දරුවන් ඇතුළුව) මේ බෙල්ලේ අමාරුකම් සුලභව ඇතිවෙන්න පු`එවන්. මැදි වයසේ අය වයසට යාමත් සම`ග කශේරුකා අවට ඇති ඉඩ ප‍්‍රමාණය මදිවීම නිසා මෙවන් තත්ත්වයක් ඇතිවෙන්න පු`එවන්. මෙහිදී ගෙල හරවන විට ඉතාම තියුණු වේදනාවක් ඇතිවිය හැකියි. ඒ වගේම අත්වල ඇ`ගිලිද කෙටි වේලාවකට හිරිවැටීමට ලක්විය හැකියි. ස්නායු ඇදීම මීට හේතුවයි. බොහෝ විට පාසල් දරුවන්ටත් බෙල්ලේ කැක්කුම් තත්ත්වය ඇතිවිය හැකියි. ඊට ප‍්‍රධාන වශයෙන් බලපාන්නේ පොත් පත් පාඩම් කරන විට හා මේසයට වාඩිවී ලියන විට භාවිතා කරන වැරදි ඉරියව් විය හැකියි. පුටුවක දිගා වී වැරදි ඉරියව්වක හිස, කොන්ද හා ශරීරය තබාගෙන පොත් කියවීමවගේම හිසට කොට්ට දෙක තුනක් තබාගෙන සුව පහසු යැයි සිතෙන අසාමාන්‍ය ලෙස එබීමට ලක්වන (ප‍්‍රමිතියෙන් තොර) මෙට්ටයක නිදාගැනීම නිසාද බොහෝ අයට බෙල්ලේ අසාමාන්‍ය වේදනාවන් හටගත හැකියි. මෙවන් තත්ත්වයකදී බෙල්ලේ මාංශ පේශීවල ඇදීමෙන් ඇතිවන තෙරපීමක් ම`ගින් සාමාන්‍ය ව්‍යවහාරයේ උලූක්කුව ලෙස හඳුන්වන ස්වභාවයක් බෙල්ලේ ඇතිවිය හැකියි. බොහෝ දෙනෙකුට බෙල්ලේ කැක්කුම ඇතිවීමට බලපාන්නේ රූපවාහිනිය, ජංගම දුරකතන හෝ පරිගණක සම`ග ගතකරන කාලය දීර්ඝ වීම බවත් අමතක නොකළ යුතුයි. අද රිය අනතුරු හා හදිසි පහරදීම් වැනි අනතුරුත් සමාජයේ බහුලයි. එවන් අනතුරකින් පසු කාලයක් ගෙවීයාමෙන් අනතුරුව බෙල්ලේ වේදනාවන් ඇතිවෙන්න පු`එවන්. බෙල්ලේ පටක, පේශී මෙන්ම අස්ථි මෙවන් අනතුරු ම`ගින් සියුම් ආපදාවන්ට ලක්විය හැකියි. මෙවන් අවස්ථාවල බෙල්්ලේ අස්ථිවලට බරපතළ හානි සිදුවීමෙන් බෙල්ලේ අසාමාන්‍ය කැක්කුම් ඇතිවීමට පුළුවන්. ඊට අමතරව බෙල්ලේ පේශිවලට බලපාන යම් යම් රෝගී තත්ත්වයන් ක්ෂය රෝගය, මොළේ උණ වැනි තත්වයන් වලදීත් බෙල්ලේ කැක්කුම ඇත්විය හැකියි. බෙල්ලේ කැක්කුම ඇතිවිය හැකි සංකීර්ණ හේතු ස්නායු රෝග නිසා බෙල්ලේ කැක්කුම මෙන්ම හිස, දෙඅත්, පපුව, කොන්ද ආදී ප‍්‍රදේශ වේදනාවට පත්වෙනවා. උදෑසන අවදිවීමෙන් පසු මෙහිදී බෙල්ලේ හෝ උරහිස් දෙපස තදබල ලෙස වේදනාව හට ගන්නවා. කශේරුකාව ගෙවී යාම නිසයි මෙවැනි තත්ත්වයක් ඇති වන්නෙ. සමහර විට අත්වල ඇ`ගිලි හිරිවැටීමද සිදුවිය හැකියි. ස්නායු ඇදීයාමද මීට හේතුවක්. බර ඔසවන්නන්, පරිගණක කි‍්‍රයා කරන්නන්, දවසේ වැඩි කාලයක් රිය පදවන රියදුරන් ආදීන්ට මේ තත්ත්වය සුලබව පවතිනවා. බෙල්ලේ කශේරුකා ගෙවීම මීට හේතුවය. එසේම ගෙවුණු කශේරුකා එකට නැවීමද මීට බලපානවා. එක්ස් කිරණ පරීක්ෂාවකින් මීට විසඳුම් ලබාගැනීම සුදුසුයි. වඩාත් වේදනාකාරී ලෙස බෙල්ලේ කැක්කුම ඇති අය එක්ස් කිරණ පරීක්ෂාවකින් හා ඵඍෂ පරීක්ෂණයක්   ස`දහා වෛද්‍යවරයා  විසින් ඔබ යොමු කරවනු ඇත. රෝගියා යොමු කළයුත්තේ භී්ෂෘ කාණ්ඩයේ ඖෂධ ප‍්‍රතිකාර ස`දහාද නැත්නම් වෙනත් චිකිත්සක ප‍්‍රතිකාර ස`දහාද යන්න වෛද්‍යවරයා විසින් නිවැරදිව තීරණය කරාවි. ගෙවී යන කෂේරුකාවේ අසාමාන්‍යතාවක් බරපතල ලෙස පවතීනම් ශල්‍ය කර්මයක් ම`ගින් මෙම තත්ත්වය සුව කරගත හැකිය. ගෙලට කොළරයක් පැළඳීමද තවත් ප‍්‍රතිකාරයක්. මෙහිදී ගෙලෙහි අස්ථිවලට අවම ආතතියක් ඇතිවන ලෙස ඉතාම නිවැරදිව ගැලපෙන කොළරයක් පැළඳීම අත්‍යවශ්‍යයි.  එහෙත් දිගු කාලයක් පුරා කොළර පැළඳීම තුළින් ගෙලෙහි අස්ථි දුර්වල වීමක් සිදුවිය හැකි බැවින් වෛද්‍යවරයා ඔබට සුදුසු ප‍්‍රතිකර්ම ස`දහා උපදෙස් ලබාදේවි. මීට අමතරව ගලනාලය ආශ්වාස ප‍්‍රාශ්වාස පද්ධතිය, පෙනහලූවල දෝෂ තත්ත්වයන් නිසාද බෙල්ලේ කැක්කුම ඇතිවිය හැකියි. දරුණු අනතුරු නිසාද පසුකාලයකදී බෙල්ලේ අසාමාන්‍ය වේදනාවක් හට ගන්න පුළුවන්.  මේ සදහා බෙල්ල මෙන්ම ගල නාලය, ස්වාසනාලය හා පෙණහලූ ආදියද නිසි වෛද්‍ය පර්යේෂණයකට ලක්කළ යුතුය. සුසුම්නාව සම්බන්ධ ආබාධ නිසාද බෙල්ලේ දරුණු කැක්කුම් ඇතිවෙනවා. මේ ස`දහා සුදුසු වන සැත්කම් සදහා පූර්ණ පහසුකම් අප රට තුළ තිබෙනවා. බෙල්ලේ කැක්කුම සදහා නිවසේදී කළහැකි සාමාන්‍ය ප‍්‍රතිකාර කිහිපයක් x කැක්කුම ඇති වු මුල් දින දෙක තුන තුළ රෙදි කැබැල්ලක එතූ අයිස් කැට කීපයකින් ගෙල පෙදෙස හා උරහිස් තවන්න. x හතරවන දින හා පස්වන දිනවලත් ගෙලෙහි කැක්කුම අඩු නොවේනම් මද රස්නය ඇති උණු අළු පොටිටනියකින් තවන්න. නැත්නම් පොටිටනියක් සේ සකස් කළ රෙදි කැබලි එකතුවක් උණු ජලයේ පොඟවා තවන්න. x පැරසිටමෝල් වැනි සාමාන්‍ය වේදනා නාශකයක් නියමිත මාත‍්‍රාවෙන් පැය හයකට වරක් පාවිච්චි කරන්න. x ඉතා සරල ලෙස ඉහළට පහළට හා දෙපසට ගෙල හරවන සුළු ව්‍යායාම අසුනක වාඩි වී සිදු කරන්න. x බර එසවීම, කී‍්‍රඩා කිරීම, හිස පහතට දමාගෙන කරන කටයුතු ආදියෙන් දින කිහිපයකට වැළකී සිටින්න. x කොදු ඇට පෙළ පමණට වඩා ක‍්‍රියාකාරී වන දෛනික කටයුතු (සමහර විට රැකියා කටයුතු වලටද අදාළ විය හැකිය) වලින් දින 10ක පමණ කාලයක් ඉවත් වන්න. x  තවත් කෙනෙකුගේ උපකාරය ඇතිව උණු වතුරින් පමණක් ස්නානය කරන්න. x  නිදාගැනීමේදී හිස තැබීමට කොට්ටයක් භාවිතා නොකරන්න. යහනක නිදා ගන්නවානම් තද මෙට්ටයක කොට්ටයක් භාවිතා නොකර නිදාගන්න. කොට්ටයක් රහිතව බිම පැදුරක නිදාගැනීමද යහපත්ය. වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා x   බෙල්ල අවට ප‍්‍රදේශයේ අසාමාන්‍ය ලෙස ගෙඩි වැනි ස්වභාවයක් පවතීනම් x  බෙල්ලේ කැක්කුම සම`ග ගිලීමේ අපහසුතා හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් x  බෙල්ලේ කැක්කුම සම`ග අත් පා හිරිවැටීම සිදුවේ නම් x  බෙල්ලේ කැක්කුම ඇතිවීමට හේතුව කිසියම් පහරදීමක් හෝ හදිසි අනතුරකට පසුව නම් x  බෙල්ල නැවීම හැරවීම ඉතාම අපහසු තත්ත්වයකට පතවී නම් x   උණත් සමග ඇතිවන හිසේ තද කැක්කුමක් ඇත්නම් x  බෙල්ලේ කැක්කුම සමග වමනය යෑම අත දිගේ ඇතිවන කැක්කුම  හුස්ම ගැනීමේ අපහසුව ඇති වේ නම් x  සාමාන්‍ය ප‍්‍රතිකර්ම හා සාමාන්‍ය වේදනා නාශක වලින් දින 10-15 අතර ගණනකින් බෙල්ලේ කැක්කුම සුව නොවුණිනම් බෙල්ලේ කැක්කුම ඇතිවීම වළක්වා ගන්න සරල උපදෙස් x පරිගණක භාවිතා කිරිමේදී, ලිවීමේ කටයුතු හා පාඩම් කිරිමේදී නිවැරදි ඉරියව් භාවිතා කරන්න. x  නිදියන මෙට්ටය තද එකක් විය යුතු අතර හිස තබන කොට්ටය ඉතාම සැහැල්ලූ එකක් විය යුතුය. x  හිස තැබීමට කොට්ට දෙක තුනක් භාවිතා නොකරන්න. x  බෙල්ලේ මාංශපේශි ශක්තිමත් කරන නිවැරදි ව්‍යායාම සිදුකරන්න. (නිසි උපදෙස් සහිතව) කෑගල්ල ශීක්ෂණ රෝහලේ කායික රෝග ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රුවන් ලාල් උදය බණ්ඩාර.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴