Posts

Showing posts with the label වෛද්‍ය උපදෙස් ෴

බෙල්ලේ ඇටකටු ගෙවීම නිසා ඇතිවන බෙල්ලෙ කැක්කුම ෴

බෙල්ලේ ඇට කටු ගෙවීම වැඩිහිටියන් සමග වැඩි දෙනාට සෑදෙන ආබාධයකි. මෙම තත්ත්වය බෙල්ලේ ඇටකටු එකිනෙකට ගෑවීම නිසා ඇති වේ. එසේ ඇට කටු එකිනෙක ගෑවෙන්නේ ඇට කටු ගෙවීම නිසාය. එවිට ස්නායු ඇදීමට පටන් ගනී. එවිට නහර තද වෙයි. ඉන් කුඩා මොළයට රුධිරය මන් කිරිම අඩු වීමට පටන් ගනී. මේ හේතුවෙන් කරකැවිල්ල ඇති වේ. මෙවැනි අයට බිම බලන විට කරකැවිල්ල වැඩි වේ. බෙල්ලේ වේදනාවක් හටගනී. බෙල්ලේ කැක්කුම එක පාරටම ඇතිවිය හැක. උදාහරණ වශයෙන් දක්වතොත් නිදාගෙන සිට නැගිටින විට තදින් වේදනා දැනේ. නැතහොත් වාඩි වී සිට නැගිටින විට වේදනා ගෙන දෙයි. බෙල්ලේ ඇටකටු ගෙවීම එක් එක් පුද්ගලයන් නිතරම සිටින වෘත්තීන් හා සම්බන්ධය. එකම ආකාරයට හිස තබාගෙන සිටින රැකියාවල නිරත පුද්ගලයන්ට මෙවැනි ආබාධ පහසුවෙන් වැළදේ. එවැනි වැඩි දෙනකු වියපත් වීම සමග බෙල්ලේ අමාරුවලින් පෙලීමට පටන් ගනී. අවසානයේ ඇට කටු ගෙවීමේ ආබාධිතයකු බට පත් වේ. උදාහරණයක් වශයෙන් දක්වතොත් ලිපිකරුවන්, රියැදුරන්, කලාකරුවන්, රගර් ක්‍රීඩකයන් වැනි බිම බලාගෙන වැඩ කරන වෘත්තීන්හි නිරත අයට මෙම රෝගය බහුලව දක්නට ලැබේ. බෙල්ල එක ආකාරයට නිතර තබා ගෙන සිටීමෙන් ඇට කටු ගෙවීමට පටන් ගත් විට එය කිසිවකුට නොදැනේ. ...

මී උණ෴

රෝග ලෙඩ රෝග ආසාදන හා පරපෝෂිත රෝග සතුන් මගින් බෝවන සමහර බැක්ටීරියා රෝග ලෙප්ටොන්පයිරෝසියාව මී උණ (ලෙප්ටොස්පයිරෝසියාව) කර්තෘ - "වෛද්‍ය ශාමිලා සමරනායක (MBBS, DCH)" ආයතනය - "සෞඛ්‍ය අධ...

පරපෝෂිත ආශාදන෴

( තයිහොයිඩ් හා පැරාටයිතොයිඩ් උණ උණ සන්නිපාතය ටයිෆොයිඩ්)                                                                                                                ...