අතීසාරය෴

රෝග ලෙඩ රෝග ආසාදන හා පරපෝෂිත රෝග අන්ත්‍ර ආසාදිත රෝහ ෂිගෙල්ලොසියාව "අතීසාරය"

  කතෘ - "වෛද්‍ය ශාමිලා සමරනායක"
ආයතනය- "සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය"

හැදින්වීම-          රෝගයට හේතුව ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු රෝග ලක්ෂණ සංකූලතා ප්‍රතිකාර රෝගයෙන් වැළකීම රූප සටහන් පරිශීලන හැදින්වීම පුද්ගලයකුගේ බඩවැල් ආසාදනය වූ විට මළපහ වන වාර ගණන වැඩි වන අතර මළ දියරමය ස්වභාවයක් ගනී. මෙහි රුධිරය සහ (සෙවල වැනි) සීදම් දක්නට ඇත්නම් මෙම තත්ත්වය අතීසාරය ලෙස හැදින්වේ. කුඩා දරුවන්ට අතීසාරය වැළදීමේවැඩි ප්‍රවණතාවක් ඇත. ඉහළට රෝගයට හේතුව අතීසාරයට වැඩියෙන්ම හේතුවන්නේ ශිගෙලා නම් බැක්ටීරියාවයි. මෙම තත්ත්වය ඇති කළ හැකි අනෙකුත් විෂ බීජ නම් කැම්පයිලොබැක්ටර්, ඊ කෝලයි, සැල්මොනෙල්ලා බැක්ටීරියා සහ එන්ටැමීබා හිස් ටොලිටිකා නම් විෂබීජ වේ. ඉහළට ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු ශිගෙලා බැක්ටීරියාව ආසාදිත කෙනෙකුගේ අසූචි හරහා බැක්ටීරියාව පිටවේ. මෙම අසූචි බීමට ගන්නා ජලයට හෝ ආහාර සෑදීමට ගන්නා ජලයට මිශ්‍ර වුවහොත් තව කෙනෙකුට විෂබීජය ශරීරගත විය හැක. රෝගී කෙනෙකු සමග ලගින් ඇසුරු කළ විටද රෝගය වැළදිය හැක. ඉහළට රෝග ලක්ෂණ සමහරුන්ට විෂබීජය ශරීරගත වුවත් රෝග ලක්ෂණ නොපෙන්වයි. නමුත් රෝගය වැළදුනු බොහෝ දෙනෙක් රෝග ලක්ෂණ පෙන්වයි. මළපහ වන වාර ගණන වැඩි වන අතර මළ දියරමය ස්වභාවයක් ගනී. බොහෝ විට මළවල රුධිරය හා සීදම් අඩංගු වේ. තවද බඩේ කැක්කුම හා උණද ඇතිවිය හැක. මෙම රෝග ලක්ෂණ දින 5 - 7 දක්වා පැවතිය හැක. කුඩා දරුවන්ට සහ වයසක අයට රෝග තත්ත්වය දරුණු විය හැක. රෝගය වැළදෙන සමහර අය විජලනය විය හැක. එසේ වන්නේ දියර මළපහ සමග පිටවීම සහ වමනය නිසාය. විජලනය යනු සිරුර තුල ඇති ජලය නිසි ප්‍රමාණයට වඩා අඩු වීමයි. ඉහළට ළමුන් තුල විජලනය හැදිනිය හැකි ලක්ෂණ නම් මූත්‍රා අඩුවීම, මුඛය වියළි වීම, අඩන විට කදුළු අඩු වීම, ඇස් ගිලී යාම, දුර්වල වීම, නොසන්සුන් ‍හෝ ඇලි මැලි ගතිය. ඉතා බරපතල ලෙස විජලනයට ලක් වුවහොත් දරුවා මලානික වී නිදිබර වේ. අත් පා සීතල වී සුදුමැලි වේ. මූත්‍රා පහ වීම අවම වේ. ඉතා වේගයෙන් නමුත් නොගැඹුරු ලෙස හුස්ම ගනී. මෙසේ සිදුවීම ජීවිතයට හානිදායක වන බැවින් හැකි ඉක්මණින් රෝහල්ගත කිරීම සුදුසුය. සංකූලතා විජලනය, ශරීරයේ ඇති ලවණවල සමබරතාව නැතිවීම. “හිමොලිටික් යුරීමික්සින්ඩ්‍රෝම්” යන දරුනු තත්ත්වය - මෙහිදී රක්තහීනතාවය, රුධිර පට්ටිකා අඩුවීම හා වකුගඩු අකර්මණ්‍ය වීම සිදුවේ. ශිගෙලා බැක්ටීරියාව විසින් පිට කෙරෙන විෂ දුවය නිසා මෙසේ ඇතිවේ. මෙම තත්ත්වය කුඩා දරුවන්ට වැඩි ප්‍රවණතාවකින් ඇති විය හැක. හංදි කැක්කුම හා ඉදිමීම (ආතරයිට්ස්), ඇස් ආසාදනය වීම (ශිගෙලා බැක්ටීරියාව බඩවැල් තුල සිටියත්, ශරීරයේ වෙනත් අවයව මෙහිදී ක්‍රියාත්මක වී ඉහතින් දැක්වූ සංකූලතා ඇති විය හැක.) ලැක්ටෝස් නම් සීනි වර්ගයට ඇති වන අසාත්මිකතාව - බැක්ටීරියා නිසා විනාශවන බඩවැල් බිත්ති නිසා ලැක්ටේස් නම් එන්සයිමය නිපදවීම සිදු නොවේ. එවිට ලැක්ටෝස් සීනි වර්ගය බිදීම සිදු නොවේ. මෙහිදී බඩ පිපීම, බඩේ කැක්කුම, වාතය පිටවීම, හා දියරමය මළපහ වීම සිදුවේ. එනම් කිරි හෝ කිරි සහිත ආහාර (ලැක්ටෝස් අඩංගු) ගත් විගස මෙය සිදුවේ. ඉහළට ප්‍රතිකාර අතීසාර රෝග ලක්ෂණ ඇති වූ විට සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවීම සුදුසුය. රෝගයට ගැළපෙන ප්‍රතිජීවක ඖෂධ දෙනු ලබන අතර වැඩිදුර පරීක්ෂාව සදහා අසූචි සාම්පලයක් ගනු ලැබේ. රෝගියා ජලය හා දියර වර්ග වැඩිපුර ගැනීම තුළින් විජලනයෙන් වැලකිය හැක. සාමාන්‍ය ලෙස ආහාර ගත හැක. යෝගට්, ආනමාළු, බැදිහාල් කැද ගැනීම සුදුසුය. පිටි කිරි එළකිරි වැනි දේ නුසුදුසුය. නමුත් මව්කිරි දිගටම දිය යුතුය. ජීවනී (නිසි පරිදි සාදාගත්) විජලනයෙන් වැළකීමට හා විජලනයට ප්‍රතිකාර ලෙස ලබා ගත හැක. ඉහළට රෝගයෙන් වැළකීම පහත සෞඛ්‍ය පුරුදු පිලිපදින්න. නිතර සබන් ගා අත සෝදන්න. විශේෂයෙන් ආහාර ගැනීමට හා පිළියෙල කිරීම‍ට පෙර හා වැසිකිළි යාමෙන් පසු නිසි පරිදි අත් සේදිය යුතුයි. පළතුරු එලවළු හා පලාවර්ග පිරිසිදු ජලයෙන් හොදින් සෝදා ආහාරයට ගන්න. සෑම විටම උතුරවා නිවාගත් ජලය පානය කරන්න. සෑම විටම පිසින ලද ආහාර හැකි ඉක්මණින් ආහාරයට ගන්න. මැස්සන්ගෙන් හා කැරපොත්තන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ආහාර වසා තබන්න. ආහාර පිරිසිදුවට පිළියෙළ කළ යුතුය. පාචනය ඇති විට ආහාර පිළියෙල නොකරන්න. සෑමවිටම මළපහ කිරීමට වැසිකිළියක් භාවිතා කරන්න. කුඩා දරුවන්ගේ මළ වැසිකිළියට දමන්න. ඉහළට රූප සටහන් ඉහළට පරිශීලන ඩේවිඩ්සන් වෛද්‍ය ග්‍රන්ථය, පේෂන්ට් යූ.කේ, අතීසාරය පිළිබද ඇති පත්‍රිකා. ඉහළට Last update on : 2011-03-23 11:29:41 නිතර අසන ප්‍රශ්ණ අප අමතන්න කතුහිමිකම © 2018 සුවසැරිය(Health Net). සියළු හිමිකම් ඇවිරිනි. නිමැවුම සහ සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වියාචනය  

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴