රහස් ප්‍රදේශ වල දුර්වර්ණය ඉවත්කරගන්න෴

ශරීරයේ අනෙකුත් ස්ථානයන් හා සසඳා බලන විට ඉකිළි වැනි රහස් ප්‍රදේශයන් වල පිහිටා තිබෙන සම තරමක් අඳුරු ස්වභාවයකින් යුක්තයි . නමුත් වාසනාවකට එම තත්වය ඉතාමත් පහසුවෙන් මග හැර ගන්නට ඔබට පුළුවන් . අද අපි ඔබව දැනුවත් කරන්නේ රහස් ගත ප්‍රදේශයන් වල පිහිටා ඇති අඳුරු සම ටික කලකින් ආලෝකමත් කර ගැනීම සදහා භාවිතා කළ හැකි ඉතාමත් සාර්ථක ස්වභාවික ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳවයි. කෝමාරිකා අඳුරු සම ආලෝකමත් කිරීමට අමතරව සම පෝෂණය කිරීමේ සුවිශේෂී හැකියාවක් ද කෝමාරිකා වලට තිබෙනවා .එපමනක් නොවෙයි පිලිකාවක් ඇතිවීම වළක්වාලීම සහ හානිවී තිබෙන සෛල නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවක්ද කෝමාරිකා වලට තිබෙන බව ඔබ නොදන්නවා වෙන්නට පුළුවන්. කෝමාරිකා යුෂ ස්වල්පයක් අත්ලට ගෙන අඳුරු වී තිබෙන ස්ථානයේ ගල්වා මිනිත්තු විස්සක් පමණ තිබෙන්නට ඉඩ හැර පසුව හොඳින් සෝදා හරින්න. බේකින් සෝඩා සම මත ඇති මැරුණු සෛල ඉවත් කරමින් සම පිරිසිදු කිරීමේ හැකියාවක් බේකින් සෝඩා වලට තිබෙනවා. එමනිසා බේකින් සෝඩා සහ වතුර ස්වල්පයක් එකතු කොට සකසා ගන්නා මිශ්‍රණයක් භාවිතා කරමින් රහස් ප්‍රදේශයන් වල ඇති අඳුරු බව අවම කරගන්නට පුළුවන්. බේකින් සෝඩා කොටස් තුනකට එක් වතුර කොටසක් එකතුකරගෙන තරමක් ඝන ආලේපයක් සකසා ගන්න. දැන් එම මිශ්‍රණය අඳුරු වී ඇති රහස් ප්‍රදේශයේ ආලේප කොට වියලෙන්නට ඉඩ හැර පසුව සෝදා හරින්න. මෙය සතියකට දෙවරක් පමණ සිදු කිරීමෙන් වඩාත් හළ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ලෙමන් අඳුරු සම ආලෝකමත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රබල ස්වභාවික නිෂ්පාදනයක් ලෙස ලෙමන් හඳුන්වන්නට පුළුවන්. විටමින් සී වලින් පොහොසත් ලෙමන් වලට සම මත ඇති මැරුණු සෛල ඉවත් කරමින් සෛල අලුතින් උත්පාදනය කිරීමේ හැකියාවක්ද තිබෙනවා. අඳුරු වී තිබෙන ස්ථානය මත මෙය ගල්වා මිනිත්තු කිහිපයක් පමණ හොඳින් අතුල්ලන්න. ඉන්පසුව එය මිනිත්තු 20ක් පමණ තිබෙන්නට ඉඩ හැර පසුව ඇල්මැරුණු ජලයෙන් සෝදා හරින්න. පිපිඤ්ඤා අනෙකුත් ස්වාභාවික නිෂ්පාදන වල වගේම පිපිඤ්ඤා වල ද සම ආලෝකමත් කිරීමේ හැකියාවක් ඇති බව අපට වාර්තා වෙනවා. පිපිඤ්ඤා යුෂ සමඟ ලෙමන් යුෂ සහ කහ කුඩු සර්පයක් කලවම් කරගෙන ආලේප කරනවා නම් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්. ලෙමන් භාවිතා කරන නිසා සම මත ඇති මැරුණු  සෛල  ඉවත්ව පිපිඤ්ඤා යුෂ භාවිතා කරන නිසා සම සිසිල් වෙනවා. මීට අමතරව සම මත ඇති ලප අවම කිරීමේ හැකියාවක් කහවලට තිබෙනවා මෙම ප්‍රතිකර්මය ඔබට දිනපතා වුවත් භාවිතා කරන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ කහ කුඩු සහ ලෙමන් යුෂ තවරන ලද පිපිඤ්ඤා පෙත්තක් අඳුරු වී තිබෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴