මී උණ෴

රෝග ලෙඩ රෝග ආසාදන හා පරපෝෂිත රෝග සතුන් මගින් බෝවන සමහර බැක්ටීරියා රෝග ලෙප්ටොන්පයිරෝසියාව මී උණ (ලෙප්ටොස්පයිරෝසියාව)

කර්තෘ - "වෛද්‍ය ශාමිලා සමරනායක (MBBS, DCH)"
ආයතනය - "සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය"

"හැඳින්වීම"   මී උණ ලොව පුරා පවතින බෝවන උණ රෝගයකි. එය ඝර්ම කලාපීය රටවල් වල වැඩිපුර දක්නට ලැබේ. මී උණ වැසි සමයේ හා ගංවතුර ඇතිවන කාලවල විශේෂයෙන් පැතිරී යයි. වසරක් පාසා මෙම රෝගයෙන් 1000 - 2000 ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගතවේ. මෙම රෝගයට වඩාත් ගොදුරු වන්නේ වී ගොවියන්ය.  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ජයන්ත රාජපක්ෂ මහතාට අනුව දැනට මී උණ රෝගයට ශ්‍රී ලංකාවේ ගොදුරුවූ රෝගීන් ගණන 10,000ක් පමණ වන අතර 500 ක් පමණ ඉන් මියගොස් ඇත. මී උණ රෝගීන් වැඩි ගණනක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කද රෝගීන් වැඩි ගණනක් වාර්තා කර ඇත. ඉහළට රෝග කාරකය ලෙප්ටොස්පයිරා නමැති බැක්ටීරියාව මඟින් මී උණ සෑදේ. මෙම බැක්ටීරියාව මීයන්, ඌරු මීයන්, මී හරක්, හරකුන්, බල්ලන් වැනි සතුන්ගේ වකුගඩු තුළ සොයාගත හැක. ඉහළට ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු රෝගය වැළඳුණු සතුන් පිට කරන මුත්‍ර සමග මෙම බැක්ටීරියාව බාහිර පරිසරයට එක්වේ. කුඹුරු, දිය කඩිති හා ජලය රැඳුණු තැන්වල මෙම බැක්ටීරියාව පැවතිය හැක. මිනිසා ආසාදනය වන්නේ සීරුණු, කැපුණු සම තුළින් , සමෙහි ඇති තුවාල හරහා ඇස්වල, නාසයේ හෝ මුඛයේ ඇති සියුම් පටක හරහාය. එමගින් රුධිර සංසරණයට එක්වන බැක්ටීරියාව ශරීරයේ පටක හා අවයව සියල්ල තුළට ගමන් කරයි. රෝග ලක්ෂණ මතුවීමට සති 1-2 දක්වා කාලයක් ගතවේ. ඉහළට රෝග ලක්ෂණ උණ මස් පිඩුවල තදබල වේදනාව ඇස් තද රතු පැහැ වීම හිසරදය වමනය ඇස් කහ වීම අප්‍රාණික බව කැස්ස මුත්‍රා යාම අඩුවීම හෝ තද කහ පැහැති මුත්‍ර හෝ මුත්‍ර සමග ලේ පිටවීම. සමහර රෝගීන් කලාතුරකින් රෝග ලක්ෂණ නොපෙන්වයි. ඉහළට සංකූලතා වකුගඩු අක්‍රිය වීම, හෘදය අක්‍රිය වීම, මොළයේ පටක අසාධනය වීම රුධිර වහනය, කලාතුරකින් අක්මාව අක්‍රිය වීම. මී උණ රෝගය වැළඳුණු රෝගීන්ගෙන් 5-30% ක් පමණ මිය යයි. ඉහළට ප්‍රතිකාර රෝග ලක්ෂණ මතු වූ විට වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතුය. විශේෂයෙන් කුඹුරු හෝ වෙල්වල ගැවසීමක් සිදුවුවහොත් එය මී උණ යැයි සැක කර ප්‍රතිජීවක ‍ඖෂධ ලබාදීම රෝහල් තුළදී සිදුකෙරේ. වැඩිපුර දියර වර්ග පානය කිරීම හා විවේක ගැනීම අත්‍යවශ්‍ය ය. වකුගඩු අක්‍රිය වූ විට යන්ත්‍ර මගින් රුධිරය පෙරීමක් සිදුකළ යුතුය. ඉහළට සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම කුඹුරු අවට ඇති පරිසරය පිරිසිදුව තබා ගන්න. වගාබිම් සැකසීමේදී අත් හා පා ආවරණ පළඳින්න. ජලය රැඳුණු ස්ථාන වල ජලය බැස යාමට සලස්වන්න. කුඹුරු වලට හා ජලය රැඳුණු තැන්වලට අනවශ්‍ය ලෙස බැහීමෙන්, නෑමෙන්, අත් පා සේදීමෙන් වළකින්න. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමු වී වැඩිදුර උපදෙස් ලබා ගන්න. උණුකර නිවාගත් ජලය පානය කරන්න. වෙල් හෝ දියකඩිති වල ඇති බැස නොයන ජලය බීමෙන් වළකින්න. ගං වතුර ඇති තැන් වල ඇවිදීමෙන් වළකින්න. ඉහළට පින්තූර පරිශීලණ ශ්‍රී ලංකාවේ වසංගත රෝග මර්දන ඒකකය මගින් නිකුත් කල වාර්තා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ජයන්ති රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති ලේඛන. ඉහළට Last update on : 2011-03-23 11:41:29 නිතර අසන ප්‍රශ්ණ අප අමතන්න කතුහිමිකම © 2018 සුවසැරිය(Health Net). සියළු හිමිකම් ඇවිරිනි. නිමැවුම සහ සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වියාචනය  

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴