පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් අතරින් ගෙඩි වෙදකමේ නිරතව සිටින්නේ සීමිත පිරිසකි. මන්ද යත් ගෙඩි වෙදකම යනු ඉතා අසීරු ප්‍රතිකාර ක්රමයකි. එමෙන්ම, එය නිසියාකාරව සිදු නොකළහොත් රෝගියා අනතුරට ලක්වීමේ අවදානම් තත්ත්වයක් පවතී. සෙම් ගෙඩි, කකුල්වල ඇති වන ගෙඩි ඇතුළු සිරුරේ ඇති වන ගෙඩි නිට්ටාවටම සුව කිරීමට මනා දක්ෂතාවක් දක්වන වෙද මහතකු ගල්ගමුව, උල්පතගම ප්‍රදේශයේ සිටින්නේය. සිය පරම්පරාවෙන් උරුම වූ ගෙඩි වෙදකම තුළින් ලබාගත් දැනුමෙන් ඔහු සිය ගණනකට ප්‍රතිකාර කර සුවපත් කර ඇත්තේය. ඔහු නමින් බණ්ඩාරනායක මුදියන්සේලාගේ රම්බණ්ඩා මහතාය. ගල්ගමුව, උල්පතගම පදිංචි ඔහු 79 හැවිරිදි පස් දරු පියෙකි. රම්බණ්ඩා මහතා වෙදකම් කටයුතු ඇරඹීමට පෙර පොලිස් නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු පොලිස් සැරයන්වරයකු ලෙස පිටකොටුව, කොටුව, රථ වාහන අංශය, මාතර, දිද්දෙණිය, ගාල්ල, වාරියපොළ, ගිරිඹාව ඇතුළු පොලිස් ස්ථාන රැසක සේවය කර ඇත. පොලිස් සේවයෙන් අනතුරුව ඔහු සිය පරම්පරාවෙන් උරුම වූ පාරම්පරික ගෙඩි වෙදකම කිරීමට පටන් ගත්තේය. අපේ අප්පච්චිගේ මාමණ්ඩි තමයි මේ වෙදකම කරගෙන ගිහින් තියෙන්නේ. ඔහු තමයි අපේ අප්පච්චිට වෙදකම කියලා දීලා තියෙන්නේ. අම්මාත්
Comments
Post a Comment