සීනි සම්බල් හදමු....

බී ලූනු 1kg කෑලි මිරිස් 50g ලුණු රස අනුව (1tbsp ) වගේ සීනි 6,7 tsp කරදමුංගු, කරාඹු නැටි 4,5 ක්, කුරුඳු කෑල්ලක් කුඩු කරගන්න ගම්මිරිස් කුඩු 1tsp කරපිංච ටිකක් සියඹලා බොර 3ක් tbsp තෙල් 5,6tbsp සාදන ක්‍රමය.. මුලින් තෙල් ටික ලිපේ තියල රත් වෙනකොට කෑලි මිරිස් ටික කලු පාට කරගන්න, එතකොට තමයි සීනි සම්බෝලෙ කලු පාටට ලස්සනට එන්නෙ.. ඒ නිසා බය නැතුව කලු කර ගන්න.. දැන් බී ලූනු එකතු කර කලවම් කරන්න.. දැන් සීනි හැර අනිකුත් සියලු ද්‍රව්‍ය එකතු කර ලූනු හොඳින් මැලවෙනකම් පිස ගන්න.. වතුර සියල්ල හිඳෙනකම් උයා ගන්න,, තද ගින්දර දාන්න එපා අඩිය කර වෙනව.. විටින් විට හැඳි ගාන්න.. වතුර සිඳී ලූනු හොඳින් මැලවී එන විට සීනි ටික එකතු කර තවත් මද වෙලාවකින් ලිප නිමන්න..

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴