ශරීරයේ මේදය ඉවත්කරන ප්‍රතිකාරයක්෴

රිසිදුකාරක ක්‍රමය ආරම්භ කිරීමට පෙර දිනපතා ගන්නා ආහාර අනුභව නොකරන්න. එම ආහාර සකස් කර ගැනීමට ඔබේ ශරීරයට වැඩි කාලයක් හා ශ්‍රමයක් දැරිය යුතු වන අතර එය ඔබේ පිරිසුදු කාරණයට බලපානවා. ඔබ පිරිසිදු කරන ප්‍රතිකාරයට පෙර රාත්‍රියට විරේචන ඖෂධ සහිත තේ කෝප්පයක් පානය කරන්න. බ්ලැක් ෆොරස්ට් තේ පානය කදිම විකල්පයකි. මෙය අන්ත්‍රවල විෂබීජ ඉවත්කර මලබද්ධය වළකයි . මෙම පිරිසිදු කරන ක්‍රියා පිළිවෙත ඔබේ පෙනහලු වල අවහිරතා වලින් නිදහස් කර තබාගන්න. උදෑසන කාබනික ලෙමන් ගෙඩි දෙකක යුෂ වතුර කෝප්ප භාගයකට එක්කර උදෑසන ආහාරයට පෙර මෙම පැඟිරි පානය පානය කරන්න. ඔබේ පෙනහලු වලට අත්‍යවශ්‍ය ක්ෂාරමය ආහාර ජිරනය වැඩි කරයි. උදෑසන ආහාර සමඟ නැවුම් මිදි යුෂ පානයක් පානය කරන්න. ඔබ මිදි වලට එතරම් ප්‍රිය නොමැතිනම් එය වෙනුවට අන්නාසි යුෂ පානයක් භාවිතා කරන්න. මිදි හා අන්නාසි ස්වසන පද්ධතිය ආරක්ෂා කරන ප්‍රතිඔක්ෂිකාරක බහුලව අඩංගු පලතුරු වර්ගයක් වේ. කැරට් යුෂ තේ කෝප්ප එකහමාරක් පානය කරන්න. කැරට් රුධිරය සාර කරන අතර විසබීජහරණය ක්‍රියාදාමයේ අත්‍යවශ්‍ය කාර්යයක් සිදු කරයි .මූල පද්ධතියේ හටගන්නා එළවළු වල බෙටා කැරොටින් අඩංගු නිසා ස්වසන පද්ධතියට වැදගත් වේ . මිනිස් ශරීරය තුළ බෙටා කැරොටින් විටමින් සී බවට පත් කරයි. සැල්දරි, පාසලී, මුහුදු ශාක, නිවිති යුෂ, තේ කෝප්ප එකහමාරක් දවල් ආහාරය සමග පානය කරන්න. දියරයක් ලෙස ගත්කල පොටැසියම් කදිම පිරිසිදු කාරකයකි. ඔබ ඒ හොඳයි යැයි සිතනවා නම් නෝනි යුෂ තේ කෝප්ප එකහමාරක් පානය කරන්න. නෝනි යුෂ ඕනෑම වෙළඳසැලක දක්නට ලැබේ. දින දෙකක් මෙම පිරිසිදුකාරක ප්‍රතිකාර ක්‍රමය කරන්න . අපූරු වෙනස්කම් රැසක් ශරීරයේ සිදු වන්නට පටන්ගෙන බව ඔබටම වැටහේවි . ඔබේ ශරීරයේ විෂ බීජ, මේදය, අනවශ්‍ය ජලය, නිදහස් කර පෙනහළු වල කාර්යක්ෂමතාවය උපරිමයෙන් සිදුවේ. දැන් ඔබේ නැවුම් ශරීරය සමග විනෝද වන්න. තවත් කෙනෙක් වෙනුවෙන් share කරන්න අමතක කරන්නත් එපා.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴