Posts

Showing posts with the label දියවැඩියාව .

(මදුමේහය) නොහොත් දියවැඩියාව.

මුහුණු පොත වැනි සමාජජාල තුළ වගවීමකින් තොරව බෙහෙත් කියන සහ ඒ තරමටම බෙහෙත් සොයන රෝගයක් නිසාත් ජනප්‍රියම රෝගයක් ලෙස අද වන විට සමාජගත වී අැති නිසාත් දියවැඩියාව සදහා බෙහෙත් සෙවීමේදී හා බෙහෙත් කීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් දක්වන්නට සිත් විය. මෙහිදී පළමුව අප අවබෝධ කර ගත යුත්තේ දියවැඩියාව යනු කුමක්ද යන්නයි. දියවැඩියාව යනු රුධිරගත ග්ලූකෝස් මට්ටම (සීනි) ඉහළ යාමම යැයි සිතා කටයුතු කිරීම සාධාරණ නොවේ. එය දියවැඩියා තත්වයේදී අපට පෙනෙන්නට තිබෙන රූපාකාරය යි. දියවැඩියාවෙහි අාකාර දෙකක් පවතී. 1. පළමු පෙළ දියවැඩියාව (Type 1 DM) - ශරීරය තුළ ශරීරයට අවශ්‍ය ඉන්සියුලින්, අග්න්‍යාශය තුළ නිපද නොවේ. මෙය ඒතරම් සුලබ තත්වයක් නොවන අතර දියවැඩියා රෝගීන් අතරෙන් 10‍%ක් පමණ මෙම තත්වයෙන් පෙළේ. ඔවුන්ට අනිවාර්යයෙන් ම ඉන්සියුලීන් එන්නත් කළ යුතුය. 2. දෙවන පෙළ දියවැඩියාව (Type 2 DM) - ශරීරය තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලීන් නිපදවීමක් සිදු නොවීම හෝ දේහ සෙෙල ඉන්සියුලීන් සදහා දක්වන ප්‍රතිචාරය අඩු වී ප්‍රතිරෝධය ඉහළ යාම හේතු වේ. මේ සදහා ඔෟෂධ ලබා දීම මගින් තත්වය පාලනය කර ගත හැකිය. මේ අනුව ...