ලෙඩරෝග රැසකට සුව ගෙනදෙන සහල් වර්ග෴

ශ්‍රී ලාංකීය බෝග වගාවන් සම්බන්ධව අපහට ඇත්තේ ඉතාමත් පෞඩ ඉතිහාසයකි. ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ ගොවිතැන පැවති බවටත් ක්‍රිස්තු පූර්ව 300 සිට ඉදි වූ සුවිශාල වාරි මාර්ග සැලසුම්, ජලාශ ආදියෙන් ඉතාමත් සශ්‍රීක යුගයක් අපට උරුම වී තිබු බවටත් සාධක අපට හමුවේ. ප්‍රධාන ජීවනෝපාය බවට පත් වූ ගොවිතැන් කටයුතු වල දී බෝග වගාවන් වූ වී වර්ග ප්‍රභේද කොට හඳුනා ගැනීම සඳහා අප මුතුන් මිත්තන් විසින් පාරම්පරික, ස්වදේශීය, පාරම්පරික වස්තුව යන නාමයන් බාවිතා කොට ඇත. ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත වූ ශ්‍රී ලංකාව ස්වදේශීය සහල් වර්ග 2000ක් පමණ ලෝකයට හඳුන්වා දී ඇත. යුරෝපීයයන්ගේ ආක්‍රමණයන්ට සමගාමීව සංක්‍රමණ බෝග වගාවන් කෙරෙහි අවධානය යොමු වී ඇත. මෙහි දී රසායනික පොහොර බාවිතයෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි H ශ්‍රේණියේ වී වර්ග හඳුන්වා දී ඇත. මෙම ක්‍රියාදාමය තුළින් සම්ප්‍රදායික සහල් ප්‍රෙභ්දයන්හි අඩංගු වූ, විශාල ප්‍රමාණයක ග්ලුමැටික් අම්ලය , අධිසාන්ද්‍රිය විටමින්, තන්තු සහ අඩු සීනි සාන්ද්‍රණය යන ගුණාත්මකභාවයන් රසායනික පොහොර භාවිතය නිසා ජාතියට අහිමි විය වර්තමානයේ වී නිශ්පාදනය තුළ 95% වගාකරනු ලබන්නේ දෙමුහුන් වී වර්ගය. අඩු මිලකට වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් අකාබනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය යොදා ගනිමින් දෙමුහුන් වී වර්ග වගා කරනු ලබයි. නමුත් වර්තමානයේ කාබනික පොහොර බාවිත යෙන් සිදුකරන බෝගයන්ගේ ඇති ප්‍රතිලාභත්, කෘෂිරසායනික හා කෘමිනාශක බාවිතය තුළ ඇති අවධානමත්, අතීත මුතුන් මිත්තන් සතු වූ කායශක්තිය හා දීර්ගායුෂ හා ආධ්‍යාත්මික සුවපත්භාවය සැලකිල්ලට ගෙන නැවතත් පාරම්පරික සහල් වර්ග සහ පාරම්පරික බෝග කෙරෙහි අවධානය යොමු වී ඇත. කුරුළු තුඩ මෙම සහල්වල නිවුඩ්ඩ කාටිලේජවල ඇති කැල්සියම් අයින්වීම වලක්වයි. එමෙන්ම මෙය ආහාරයට ගත් කල රුධිර සංසරණය සමග එකතුවී ඇට මිදුළුවලට ගොස් තැන්පත් කරවීම එදා සිංහල වෙදකමේ දී කර ඇත. ඇට මිදුළුවල ඇති ප්‍රතිශක්ති ජනක උත්පාදන හැකියාවන් වර්ධනය කරයි. මෙය සාමාන්‍ය ආකාරයට ආහාරයට ගැනීමෙන් මෙහි ඇති තන්තුමය ස්වභාවය සමග නිවුඩ්ඩේ ඇති වර්ණකවල ශක්තිය වැටකොළු, පතෝල, වට්ටක්කා පොත්ත වැනි එළවලුවල වර්ණක සමග එකතු වී අහාර මාර්ගයේ දිරවීම පහසු කරන එන්සයිම වර්ධනය උත්පාදනය කරවයි. කැඳ වර්ගවලදී කුරුළු තුඩ භාවිතය රෝග නිවාරණයට උපකාරී වේ. සියපත් ඇල් (පච්චපෙරුමාල් ) මෙය යලට කෙරෙන ඇල් වී වර්ගයකි. රතු රුධිර ෙසෙල නිපදවීමේ හැකියාවන් වැඩි කරවීම සඳහා ඇට මිදුළුවල ක්‍රියාත්මක වන යාන්ත්‍රණය වැඩි දියුණු කිරීමට අවශ්‍ය එන්සයිම හා හෝමෝන ජනනය කරවයි. යලදී වැවීමට සුදුසු ඇල් වී වර්ගයක් වන අතර ර්‍ණසියපත්ඇල්” යන නාමය ලැබීමට හේතු වන්නේ නෙලුම් මලක පත්‍ර සියයක ජනිත කරවන ශක්තිය මෙම වී ඇටයක ගබඩා කල හැකි බැවිනි. ග්ලුකෝස් සංචිතය වෙනත් කාබෝහයිඩ්‍රේට් වර්ග වලට පරිවර්තනය කරවයි. උෂ්ණත්වය අඩු කාලවලදී පරිභෝජනයට සුදුසු මෙම සහල් වර්ගය රසකැවිලි සැදීමේදී වැඩිපුර භාවිතා කල වී වර්ගයකි. මෙම සහල් වලට විවිධ අනුපාත වලින් සහල් වර්ග කලවම් කර කැඳ පිස ගත් විට ඉතා ගුණදායක ය. සුවදැල් මෙහි පරිවර්තක නාමයෙන් අදහස් වනුයේ සුවඳයි. රසැති සහ ප්‍රණිත සුදු වී වර්ගයකි. මෙම සහල් භාවිතයෙන් සමෙහි පැහැය වර්ධනයද, කටහඩෙහි ස්වභාවය වර්ධනයද, කායික ශක්තිය වර්ධනයද සිදු කර ගත හැකි අතර දියවැඩියාව වැනි රෝග පාලනය කිරීමේ හැකියාවක්ද ඇත. මේ අතර සමබර කායික වර්ධනයක් සඳහාද මෙවා ඛෙහෙවින් උපකාරී වේ. මෙම සහල් වල ඇති කිරි රසය නිසා උත්සව අවස්ථාවන් සඳහා භාවිතයට ඉතාමත් සුදුසුය. සුවඳැල් වී වල පෝෂ පදාර්ථ වලින් 90% ක් කාබොහයිඩේ‍්‍රට්ද, 7% ක් අසංස්කෘත ප්‍රෝටීන්ද, 0.7% ක් අසංස්කෘත මේදයද සහ 0.1% ක ප්‍රමාණයක අසංස්කෘත තන්තුද වේ. සුවඳැල් යනු පාරම්පරික වස්තුන්ගෙන් එකක් වන අතර මෙය ලංකාවේ දක්ෂිණ පහත බිම් ආශ්‍රිතව වගා කරනු ලබයි. මේ හේතුවෙන් මෙම වී වගාවන් සඳහා විශාල කාලයක් ගත වේ. අනෙකුත් වී වගාවන් මෙන් නොව අස්වැන්න නෙලීම සඳහා මාස 5-6 ක කාලයක් ගතවේ. කළු හීනටි ඖෂධීය ගුණාංගයන්ගෙන් පෝෂිත තවද රතු කැකුළු සහල් වර්ගයක් ලෙසින් හඳුන්වන කළු හීනටි හාල් දිනපතා ආහාරයට සුදුසු වන අතර විශේෂයෙන් ගර්භනී හා කිරි දෙන මව්වරුන් සඳහා නිර්දේශිතය. කායික ශක්තිය වර්ධනය කරන අතර ආහාර දිරවීම සඳහා අවශ්‍ය තන්තු බහුලව ඇත. දියවැඩියාව පාලනය කිරීමට සහ සර්ප විෂ නැසීම සඳහාද උපකාරී වේ. කළු හීනැටි සහල් වලින් පිසින ලද කැඳ කහ උණ රෝගීන් සඳහා ඖෂධයක් ලෙස සැලකේ . මා වී රත් පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුත් කාබොහයිඩේ‍්‍රට් අඩු ප්‍රෝටීන් වලින් සහ තන්තු බහුල වී වර්ගයකි. අනෙකුත් පොදු වී වර්ග හා සසඳන විටදී මා වී 25% සිට 30% දක්වා අඩු ඨකහජැපසජ ෂබාැං (ඨෂ) වලින් යුක්තය.මෙහි පෝෂ්‍යදායී කාබොහයිඩේ‍්‍රට් 84.5% ක් ද, ප්‍රෝටීන් 9.4% ක් ද, මේදය 3,6% ක් ද, තන්තු 1.1% ක් ද අඩංගුය. පෙර රැජිනියන් මෙම මා වී භාවිතයට වඩාත් ඇළුම් කල අතර, ඉතාමත් සිහින් හැඩති සිරුරක් පවත්වා ගෙන යාමට මෙවා උපකාරී වී ඇත. මෙවා තුලින් ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියෙන් පවත්වා ගත හැකි බවට විශ්වාසයක්ද ඔවුන් තුල පැවතීය. මා වී හාල් මාංශ සමග ආහාරයට ගැනීමෙන් සුරාමත අඩු කල හැකිය. මේවා ක්ෂය රෝගීන් සඳහා අනුමත වන අතර විරේකය සඳහා ඉතා පලදායි ප්‍රතිකාරයකි. එමෙන්ම මේවා දියවැඩියාව, ක්ෂය රෝගය, මලබද්ධය, අර්ශෂ් හා හෘද්වාහිනි රෝග සඳහා ඉතා යෝග්‍ය වන අතර තරබාරුකම පාලනය සඳහාද වැදගත් වේ. මා වී සහල් තැම්බීමට පෙරාතුව හොඳින් පෙඟවිම ඉතා සුදුසුය. සිහින්ව කපා ගත් ලුණුකොල, ලීක්ස් මිශ්‍ර කර පිසූ බත් සමග පිළිගන්වනු ලබන දියලබු ව්‍යංජනය (පොලිකිරි, කුළුබඩු හා ඉතා සුළු ප්‍රමාණයක තෙල් එක්කර පිසිනු ලබන) සම්ප්‍රදායික කැම වර්ගයක් ලෙස හඳුන්වනු ලැබේ. ආගමික උත්සව කටයුතු සඳහා මා වී යොදා ගනු ලබන අතර ඉන් එහි ඓතිහාසික වැදගත්කම පිළිබිඹු කරනු ලැබේ. දාගැබ් වල කොත තුල අඩංගු පුජනිය ධාතු කරඬුව තුල මා වී ද තැන්පත් කරනු ලබන බව ජනප්‍රවාද වල කියැවේ රත්දැල් මෙය සිරෝසිස් රෝගයෙන් පීඩා විඳින්නන්ට සහනයක් ගෙන දෙනු ලබන ඉතා රසවත් රතු සහලකි. රත්දැල් වලින් සාදනු ලබන තලප සහ හොද්ද වයිරස් උණ රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ. මේවා මානසික ආතතිය නිසාවෙන් හට ගනු ලබන කුෂ්ඨ සඳහාද නිර්දේශිත වන අතර මුත්‍රාශ ආශ්‍රිත රෝගයන්ට සහනයක් ගෙන දීමේ හැකියාවක්ද මේවාට ඇත. එමෙන්ම මළපහ කටයුත්ත පහසුවෙන් සිදු කර ගැනීමටත් ශරීරය සිහිල්ව පවත්වා ගෙන යාමටත් මෙම සහල් උපකාරී වේ. එළගිතෙල් සමග පදම් කල, බඳින ලද හා කුඩු කරන ලද නිවුඩු රත්දැල් සහල් බඩ විරේකය සඳහා ඵලදායි ප්‍රතිකර්මයකි. මුත්‍රශ්‍ර ගල් සහ පිත්තාශ ගල් නිවාරණය කිරීමේ හැකියාවක් මෙම සහල් සතු බව ප්‍රත්‍යක්ෂ වී ඇත. රත්දැල් සහල්, සාරණ (ඊදැරය්ඩස් ාසමෛි්), සීනි, වියළි මිදි සහ නැවුම් එළකිරි වලින් සාදන ලද තලප ක්ෂය රෝගීන් හා පෙනහළු රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ . තවද මඩතාවලු , මසුරන් , සුදු මුරුංගා , ගොනබරු , පොක්කාරු , හිච්චි නංගි යන දේශීය සහල් වර්ගද ඉතාමත් ගුණදායකයි. නැණවත් නිරෝගී ජාතියක් බිහි කර ගැනීමට නම් මෙම සහල් වර්ග මහා පරිමාණව වගා කිරීමට ජනතාව තම අවධානය යොමු කල යුතුයි. ඔබට ජය

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴