කොලස්ට්‍රොල් හා හර්දරෝග෴

HOMEBEAUTY & FASHION – රුවලියBRIDAL – මනලියHEALTH – සුවලියRECIPE – රසලියRELATIONSHIP – සබැදිලිය HEALTH - සුවලිය කොලෙස්ටරෝල්  හා හෘදයාබාධ පිළිබඳ  දැනගත යුතු  කරුනුSEPTEMBER 20, 2018 BY LIYA අද බෝ නොවන රෝග හට ගැනීම ප්රධාන සෞක්යමය ගැටළුවක් බවට පත් වී තිබෙනවා .බෝ නොවන රෝග හටගත්  විට ඒ සඳහා දීර්ඝ කාලීන ප්රතිකාර කල යුතු අතර එය මුළුමනින්ම සුවකරන්න අපහසුයි. අද  ලෝකයේ වැඩි ප්රතිශතයක් මිය යන්නේ බෝ නොවන රෝග හා නිධන්ගත රෝග නිසා බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. මේ නිසා මෙවැනි රෝග හටගැනීමට ඉඩ නොදී එය හට ගැනීම වලක්වා ගැනීමට අපි ක්රියා කල යුතුයි. බෝ නොවන රෝග ගැන කතා කරන කොට හදවත් රෝගීන් වැඩිපුර දක්න්නට ලැබෙනවා. හදවත් රෝග සඳහා බලපාන අවදානම් සාදක බොහොමයක් තිබෙනවා.  ඒ අතර පවුලේ ඉතිහාසය, ජාතිය, වයස ,වැනි අපට වෙනස් කල නොහැකි හේතුන් වගේම දුම්කොළ බාවිතය, අධික රුධිර පීඩනය, අදික කොලෙස්ටරෝල්  , ස්ථුල භාවය, ව්‍යයාම  වල නොයෙදීම හා සිරුරට අහිතකර ආහාර ගැනීම වැනි අපට වෙනස් කල හැකි සධකයන්ධ බලපානවා. කොලෙස්ටරෝල් යනු කුමක්ද? හදවත් රෝග ගැන කතා කරන විට මනසට එන ප්රබලම වචනය කොලෙස්ටරෝල්. කොලෙස්ටරෝල් කියන්නේ රුධිරය හා රුධිර සෛල වල ඇති මෘදු ඇලෙන සුලු ද්රව්යයන්ය.එය සිරුරේ නිරෝගී ක්රියාකාරිත්වයට  මෙන්ම හෝමෝන හා සෛල සදහා අවශ්ය වෙනවා. අපගේ සිරුරෙන් කොලෙස්ටරෝල් නිපදවන අතර අප ගන්නා සත්ව හා කිරි සහිත ආහාර මගින්ද සිරුරට කොලෙස්ටරෝල් එකතු වෙනවා. මේ නිසා සිරුරේ කොලස්ට්රෝල් මට්ටම ඉහල යන අතර එය හදවතට අහිත කර බලපෑමක් ගෙන දෙනවා. රුධිරය හරහා කොලස්ට්රෝල් ගමන් කිරීම සිදූවනුයේ ලයිපෝ ප්රෝටීන් මගීන්. සිරුරට හිතකර කොලස්ට්රෝල් LDL හා සිරුරට අහිතකර කොලෙස්ටරෝල් HDL ලෙස හඳුන්වන අතර අහිතකර කොලස්ටරෝල් මට්ටම වැඩිවූ විට හෘදයාබාධ, ආගාතය වැනි රෝග හට ගැනීමේ අවදානමක් ඇතිකරනවා. නමුත් සිරුරට හිතකර කොලෙස්ටරෝල් වන LDL මට්ටම වැඩි වූ විට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකර හදවත් රෝග හට ගැනීමේ අවදානම අඩු කරනවා. අවදානම් සහිත වෙනස් කළහැකි සාදක නිරෝගී ජිවන රටාවක් පවත්වා ගැනිමට උපකාරී වෙනවා. සෞඛය සම්පන්න   ආහාර  ගැනීම – සමබර ආහාර  වේලක් සදහා පලතුරු, එළවලු හා මාංශබෝග වැනි ආහාර වැඩිපුර ආහාරයට  එක්  කිරීම නිරෝගී හදවතක් පවත්වා ගෙන යාමට දායක වෙනවා. දිනපතා ශාරීරික ව්‍යයාමවල යෙදීම – අවම වශයෙන් දිනකට විනාඩි 30 ක කාලයක් ශාරීරික  ව්‍යයාමවල යෙදීම නිරොගී හදවතක් පවත්වා ගැනීමට ඉවහල් වෙනවා. දුම්කොළ භාවිත කිරීමෙන් ඉවත්වීම – දුම්කොළ භාවිතය සිරුරට අහිතකර වන අතර එය බාවිතා කරන පුද්ගලයින් ආශ්‍රිතව සිටින අයටද එය අහිතකර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා.  රුධිර පිඩනය නිසිලෙස පවත්වාගෙන යාම – සාමාන්යයෙන් සිරුරේ අධික රුධිර පීඩන තත්වයන් පවතින විට එය අපට නොදැනෙන බැවින් නිතරම රුධිර පිඩනය පරික්ෂා කිරිඉමත් වැදගත් වේ. ඔබගේ රුධිරයේ ලිපිඩ ප්රමාණය පිළිබඳව දැනගැනීම – රුධිරයේ ලිපිඩ  වල කොලෙස්ටරෝල් මට්ටම ඉහල ගිය විටද හෘදයාබාධ හා ආගාතය වැනි රෝග හට ගැනීමේ අවදානම වැඩිවෙන නිසා ඒ පිළිබඳව දන සිටීම වැදගත්ය. මෙවැනි පිළිවෙත් අනුගමනය කිරීම වගේම  සෞඛ්ය සම්පන්න අහාර ගැනීම හා වෛද්‍ය  උපදෙස් මත බෙහෙත් ගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගන්න පුළුවන්

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴