ළමා හිංසනය වලකමු෴
දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත Niloufer Perera MBA (PIM Srij) මවක් වන සෙල්වි රාමනාදන් ඇගේ කුරිරු ගෘහ සේවිකාව හා සම්බන්ධ අත්දැකීම බෙදාගන්නේ අනෙකුත් දරුවන්ගේ දරුවන්ගේ මතු ආරක්ෂාව පිණිසයි. වාසනාවකට මෙන් ඇගේ දරුවා නිරුපද්‍රිතව සිටින මුත් පිටස්තර කෙනෙකු තම ආදර දරුවාට පහර දෙනු දැක ඇති වූ කම්පනයෙන් මිදීමට කිසි දින හැකි වේදැයි ඔවුන් නොදනී. කුරිරු කුරිරු ගෘහ සේවිකාව හා සම්බන්ධ මෙම සිද්ධියට මුල් වූ කරුණු සහ අනතුරු ඇඟවීම් ලීසා නමැති අප ගෘහ සේවිකාව සේවයට පැමිණ සතියක් පමණ වුවත් ඇය බොරු කියන බව අපට දැනුනේ ඇයගේ නෑදෑ මිත්‍රයින් මේ අවට නොසිටිනවා කීමත් සමඟයි. මෙම සිදුවීමට පෙරාතුව අප දුටුවේ ඇය විසිත්ත කාමරයේ හෝ මුළුතැන්ගෙයි කෙළවරකට වී තනිව කතාකරමින් හඬන බවයි. මේ නිසා අප ඇයගේ පවුල් පසුබිම ගැන අනුකම්පා සහගතව දැනගැනීමට උත්සාහ කළා. ඇය දරුවා සමඟ හොඳින් පසුවන බවක් අඔපට පෙනුනද ඇය නිරතුරුවම ජංගම දුරකතනයේ එල්ලී සිටි අතර අපගේ ගෘහ දුරකතනයද ඇය භාවිතා කරන අයුරු අප දුටුවෙමු. මෙහිදී ඇය දරුවා සමඟද කෝප ගත් බව මට පෙනී ගියා. දිනක් දරුවා ඇය වෙත ගොස් සෙල්ලම් කිරීමට තැත...