Posts

Showing posts with the label රංගිරි දඹුලු ලෙන් වෙහෙර.

අතීතයෙන් ආරක්ෂා කරදුන් රංගිරි දඹුලු ලෙන් විහාරය.

Image
ලෝක උරුමයක් වන රංගිරි දඹුල්ල ලෙන් විහාරය ක්‍රිස්තු පූර්ව 104-76 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ රජ කළ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැලකේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා වූ විකාශයන් මෙම විහාරය තුළින් පිළිඹිබු වන අතර, විවිධ වකවානු තුළදී ප්‍රතිසංස්කරණයන් වලටද ලක්ව ඇත. පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු දඹුල්ල ලෙන් විහාරයේ පිළිම රනින් ආලේප කිරීම හේතුවෙන් රංගිරි දඹුල්ල ලෙස හඳුන්වන්නට පටන්ගත් අතර, මෙම ලෙන් තුළ අනුරාධපුර යුගයේ සිට මහනුවර දක්වා වූ කලාවේ විකාශයක් දක්නට ලැබේ. පෞරාණික උරුමයක් වන දඹුල්ලට මේ වන විට උරුමකරුවන් බොහොමයක් සිටී. රංගිරි දඹුල්ල විහාරයේ විහාරාධිපතීත්වය අස්ගිරි මහා විහාරයෙන් පත්කරන අතර, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් භාරකාර හිමියන් පත්කරනු ලබයි. විහාරයේ තේවාව පහළ විහාරස්ථාන හතරෙන් සිදුකරන අතර, පුරාවිද්‍යා පනතට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද එහි අයිතියක් ඇත. රංගිරි දඹුල්ල ලෝක උරුමයක් වන නිසාම මධ්‍යම සංස්කෘතික අරමුදලටද මේ සඳහා හිමිකමක් ඇති අතර, මේ සියල්ලෝම අයිතිවාසිකම් කියනු වෙනුවට දඹුල්ල රැකගැනීමට එක්විය යුතු කාලයක් බවට පත්ව තිබේ. රංගිරි දඹුල්ල රජ මහා විහාරයේ කටයුතු සහ ...