ජංගම දුරකතනයේ වැඩකෑලි෴

ඔබේ ජංගම දුරකථනයේ සැඟවී ඇති රහස් 9ක් මෙන්න

1 Year Ago Lock Screen Message (අඟුළු වැටුණු තිරය මත දිස්වෙන පණිවිඩය) හිතන්න ඔබේ ෆෝන් එක නැති උනා කියලා. මේ වගේ වේලාවක ඔබේ දුරකථන තිරය මත කුමන හෝ ආකාරයක lock එකක් දමා තිබේ නම් එය ඇහිද ගත් පුද්ගලයාට දුරකතනයේ අයිතිකරු පිලිබදව කිසිම හෝඩුවාවක් ලබා ගන්නට බැරි වෙනවා. මෙවන් අවස්ථාවකට කල් තබා සුදානම් වීමට නම් ඔබට පුළුවන් lock screen පණිවිඩයක් දුරකථනය තුල save කර තබන්න. එවිට දුරකථන තිරය අඟුළු වැටි තිබෙන අවස්ථාවක එම පණිවිඩය තිරය මත නිරුපණය වීමට පටන් ගන්නවා. මෙම පණිවිඩය ලෙසට ඔබේ වෙනත් දුරකථන අංකයක් හෝ ඊ මේල් ලිපිනය ලබා දෙන්නට පුළුවන්. ඔබ භාවිතා කරන්නේ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය තිබෙන දුරකතනයක් නම් Settings > Lock Screen And Security > Lock Screen Signature යන පාත් එක ඔස්සේ ඔ lock screen පණිවිඩයක් ඔබේ දුරකථනයට ඇතුලත් කර තබන්න පුළුවන්. Anti – Theft App (සොර සතුරු ආරක්ෂා මෘදුකාංග) ඔබට හිතෙනවා නම් දුරකතනයේ ආරක්ෂාව උදෙසා Lock Screen Message එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ කියලා ඔබට පුළුවන් Cerberus වැනි සොර සතුරු ආරක්ෂා මෘදුකාංගයක් ( Anti – Theft App) Play Store වෙතින් භාගත කොට භාවිතා කරන්න. මෙවැනි ඇප් එකක් දුරකතනයට ස්ථාපනය කොට ඇති අවස්ථාවක, දුරකතනය අස්ථාන ගත වුවහොත් ,ඔබට නැති වූ දුරකතනයේ කැමරාව හොර රහසේම විවෘත කර ජයාරූප ගැනීමට , දුරකතනයේ මයික්‍රෝෆෝන් ක්‍රියාත්මක කොට අවට ශබ්ධයට සවන් දීමට , GPS මගින් දුරකතනය තිබෙන ස්‌ථානය සොයා ගැනීමට , දුරකතනයේ ගබඩා වී ඇති සියලු දත්ත මකා දැමීමට / දුරකතනය අඟුළු දැමීමට හා අවශ්‍ය නම් දුරකතනයේ ස්පිකර් මගින් විශාල ශබ්ධයක් වුවත් ඇති කරවන්නට පුළුවන්.

දුරකතනයේ මතකය ඉතුරු කර ගැනීමට
(Save The Memory ) ඔබේ දුරකතනයේ මෙමරි ෆුල් වන විට ඔබට පුලුවන් මෙමරි කාඩ් එකක් හෝ Drop Box වැනි Cloud සේවාවක් යොදා ගෙන ඉඩ වැඩි කර ගන්න. නැතිනම් දුරකතනයේ දත්ත පරිගණකයට කොපි කිරීම මගින්ද මෙමරියේ ඉඩ පහසු කම් වැඩි කර ගන්නට පුළුවන්. නමුත් මේ කිසිවක් සිදු නොකර මෙමරි ෆුල් වී ඇති අවස්ථාවක ඉඩ සාදා ගැනීමට අපුරු උපක්‍රමයක් තිබෙනවා. ඒ තමයි Telegram Messanger ඇප් එක. මෙමගින් ඔබේ සියලුම දත්ත පණිවිඩයක් ලෙසින් save කර ඔබටම send කර ගන්නට පුළුවන්. ඔබට අවශ්‍ය වූ විට පමණක් පණිවිඩයේ save කර ඇති දත්ත ඔබේ දුරකතනයේ මතකය වෙත භාගත කර ගන්න.

CCTV කැමරා පද්ධතියක් ලෙස භාවිතා කල හැකි වීම ඔබේ නිවසේ හෝ ඔබ සතු වටිනා වස්තුන් ආරක්ෂා කර ගැනීම සදහා ඔබේ ස්මාර්ට් දුරකතනය CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. මේ සදහා ඔබ කල යුතු වන්නේ Play Store වෙත පිවිස CCTV apps ලෙසින් searh කොට ලැබෙන ප්‍රතිපල වලින් ඔබට වඩාත්ම සුදුසු ඇප් එකක් භාගත කර ගැනීමයි. කාර් එකේ ඩෑෂ් කෑම් එක ලෙසින් භාවිතා කරන්නත් පුළුවන් ඔව් ඔබට අවැසි නම් ඔබේ මෝටර් රථයේ ඉදිරිපස දර්ශන ඩෑෂ් කෑම් එකක් මගින් පටිගත කර ගැනීමට ඒ සදහා ඔබට ඔබේ ජංගම දුරකතනය වුවද පහසුවෙන් යොදා ගන්නට පුළුවන්. මේ සදහාද ඔබ කල යුතු වන්නේ පෙර පියවරේ වගේම Play Store වෙත පිවිස Dash Cam Apps ලෙසින් search කර ඔබට වඩාත්ම සිත් ගත් ඇප් එක භාගත කිරීමයි. ඉදිකිරීම් කටයුතු සදහා ගොඩනැගිලි වැනි යම්කිසි ඉදිකිරීමක් සිදු කරන විට ඔබේ දුරකතනය ප්‍රයෝජනවත් වේවි කියා ඔබ කිසිදා නොසිතන්නට ඇති. නමුත් ඉදිකිරීමේ කටයුතු වලදී නිතර අවශ්‍ය වන ලඹයක් ලෙස ඔබේ දුරකථනය භාවිතා කරන්නට පුළුවන්. Play Store එකෙන් ලබා ගන්නා Bubule Level වැනි ඇප් එකක් මගින් පහසුවෙන්ම ඔබේ දුරකතනය ලඹයක් බවට පරිවර්තනය වේවි මැජික් මෙනුව ඔබ දුරකතනයේ අස්සක් මුල්ලක් නෑරම පරිශීලනය කරන කෙනෙක් නම් මේ කියන්නට යන දේ ඔබට ඉතා වැදගත් වේවි. ඔබේ දුරකතනයේ

Developer Mode නමැති මැජික් මෙනුව විවෘත කර ගැනීම මගින් දුරකථන නිෂ්පාදකයා save කර එවූ සාමාන්‍ය settings වෙනස් කර ඔබට අවශ්‍ය පරිදි දුරකථනය සකස් කර ගැනීමට පුළුවන්. මේ සදහා settings ගොස් About the Phone ගොස් ඇපල් දුරකතනයක් නම් Model Number හා Android දුරකතයක් නම් Build Number මත එක දිගට හත් වරක් Click කරන්න. එවිට Developer මෙනුව විවෘත වීම සිදු වෙනවා. මෙමගින් ඔබට අවශ්‍ය පරිදි සංඥා ග්‍රහණය කර ගැනීමේ හැකියාව (Signal Reception Quality ) හා මෙහෙයුම් පද්ධතියේ අලංකාරවත් බව සකසා ගන්නට පුළුවන් අමුතු දත්ත ජංගම දුරකතනයට ඔබ දැඩි ලෙස ඇබ්බැහි වී ඇතැයි කියා ඔබේ දෙමාපියන් චෝදනා කරන්නේ නම් ඔබ කොතරම් දුරකතනයට ඇබ්බැහි වී ඇද්ද යන්න දන ගැනීමට පහසුකමක් ඔබේ දුරකතනයේම තියෙනවා. ඔබ භාවිතා කරන්නේ ඇපල් දුරකතනයක් නම් settings මෙනුවට ගොස් battery මත click කරන්න. එවිට පැමිණෙන මෙනුවේ ඔබ අවසන් දින 7 තුල වැඩියෙන්ම කාලය ගත කල වෙබ් අඩවි app පිලිවෙලින් ඒ සදහා ඔබ නාස්ති කල පැය ගණන සමගින්ම ලබා ගන්නට පුළුවන්. ඔබ භාවිතා කරන්නේ ඇන්ඩ්‍රෝයිඩ් දුරකතනයක් Play Store ලබා ගත හැකි Instant වැනි සරල ඇප් එකක් ඔස්සේ ඔබේ කාල නාස්තිය පිළිබද දත්ත දැක ගැනීමට පුළුවන් වේවි. මොනොක්‍රොම් තිරය ඔබ නිතරම දුරකතනය මගින් විවිධ දේවල් කියවීම සිදු කරනවා නම් එක දිගට වර්ණවත් තිරය දෙස බලා සිටීම නිසා දෑස් වලට අපහසුතාවයක් ඇති වන්නට පුළුවන්. ඒ වගේම දුරකතනයේ බැටරිය ඉක්මණින්ම බැස යාමත් සිදු වෙනවා. මේ ගැටළු දෙකම එකවර විසදා ගත හැකි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දුරකතනය මොනොක්‍රොම් තත්වයට (Monochrome Mode) පත් කර ගැනීම. මෙසේ සිදු කර ගැනීමෙන් ඔබේ දුරකථනයේ තිරය කළු සුදු (Black & White ) එකක් බවට පත් වෙනවා. මෙය ක්‍රියාත්මක කර ගැනීම සදහා අපි අර කලින් කියලා දුන්නු මැජික් මෙනුව විවෘත කර ගන්න. එහි simulate anomaly ඔස්සේ Monochrome Mode On කර ගැනීමට පුලුවන්. මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් උනා කියලා හිතෙනවා නම් ඔබේ මිතුරන් අතරේ ශෙයා කරන්න යාලු.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴