පපුවේ සෙම සඳහා ප්‍රතිකාරය෴

රෑට සෙම හැදුණාම තියෙන කරදරේ අපි කවුරුත් දන්නවා. ඇදුම හැදිලා වගේ සද්දෙට හුස්ම ගන්න එකයි, හුස්ම ගන්න ගන්න සැරේට කැස්ස එන එකයි පුදුම වදයක්. මේකට ඉතින් ලංකාවේ වැඩි දෙනා කරන්නේ වතුර ටිකක් රත් කරලා දුම් අල්ලන එක. හැබැයි ඒකෙන් ලැඛෙන්නේ තාවකාලික සහනයක් විතරයි. අපි මේ කියලා දෙන සරල වැඩේ කරලා ඔබට පුළුවන් පපුවේ තියන සේම ටික එක රෑකින්ම දිය කර ගන්න. විශේෂයෙන්ම සෙම හැදුණාම ගොඩක්ම අමාරු වෙන පුංචි ළමයින්ට මේ ක්‍රමයෙන් ලොකු සහනයක් ගන්න පුළුවන්. මේකෙන් සහනයක් ගන්න පුළුවන් රෝග අතරට සෙම්ප්‍රතිශ්‍යාව , ශ්වසන ආබාධ , සොටු ගැලීම දිගටම පවතින කැස්ස ආදිය අයත් වෙනවා. මී පැණි ප්ලාස්ටර් කිව්වාම ටිකක් තේරුම් යන්න ඇති මේ මොන වගේ දෙයක් ගැනද කියන්නේ කියලා. මේක මාස 6කට වැඩි ඕනෑම දරුවෙක්ට වගේම වැඩිහිටියන්ට වුණත් සුදුසු බොහොම සරල ප්‍රතිකාර ක්‍රමයක්. එක රැයක් මේක දාගෙන ඉඳලා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ශරීරයට උණුසුමක් ගෙන දෙන්න වගේම ඉදිමුම් අවම කරන්නත් මේ ප්‍රතිකාරයට හැකියාව තියෙනවා. ඒ වගේම පාවිච්චි කරන්නේ ස්වභාවික දේවල් විතරක් නිසා අතුරු ආබාධ ගැන කිසිම බයක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය දේවල් – පාන් පිටි මී පැණි එළවළු තෙල් ගෝස් රෙදි / බැන්ඩේජ් නැප්කින් ප්ලාස්ටර් / ඇලවෙන පටි අබ පවුඩර් (අවශ්‍ය නම්) හදා ගන්නේ මෙහෙමයි – මී පැණි හා පාන් පිටි කවලම් කරලා අතේ ඇලෙන්නේ නැති පේස්ට් එකක් හැදෙන තුරු හොඳින් මිශ්‍ර කරන්න. දැන් මේකට එළවළු තෙල් ටිකක් එකතු කරලා තවත් පාන්පටි පිටි එකතු කරමින් රොටියක් වගේ මිශ්‍රණයක් හදා ගන්න. මේක රොටියක් වගේ එක නැප්කින් එකක් මත හොඳින් තුනී කරන්න. දැන් ගෝස් රෙදි හෝ බැන්ඩේජ් කෑල්ලකින් වහලා පපුවේ හදවත තියන ප්‍රදේශයට උඩින් තියලා වටේට ප්ලාස්ටර් හෝ වෙනත් ඇලවෙන පටි වර්ගයක් ගහලා රඳවන්න. ළමයින් සඳහා යොදා ගන්නවා නම් පැය දෙක තුනක් තියලා ඉවත් කරන්න. වැඩිහිටි අයට නම් රෑට නිදා ගන්න යද්දී මේක දාගෙන උදේට ගැලෙව්වා නම් හරි. මුලින්ම කියපු මිශ්‍රණයට අබ පවුඩර් ටිකකුත් එකතු කරොත් වඩාත් ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන්. කුඩා ළමුන් සඳහා අබ පවුඩර් පාවිච්චි කරන්න එපා. ඔබ නිතර නින්දෙන් හැරෙන කෙනෙක් නම් හරි නිතර දහඩිය දාන කෙනෙක් නම් හරි මේ මිශ්‍රණය මිරිකිලා එළියට ඇවිත් ඇඳ සහ ඛෙඩ් ශීට් මත තැවරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මොකක් හරි ආවරණයක් පාවිච්චි කරන්න. පරණ ඇඳුමක් ඇඳගෙන නිදා ගත්තත් හරි. එක දවසින්ම අපහසුතාවය සුව වේවි, හැබැයි සම්පූර්ණ සුවය ගන්න දවස් කිහිපයක්ම එක දිගට මේ වැඩේ කරන්න. වැදගත් – අදාළ ප්‍රදේශයේ තුවාලයක් හෝ සමේ රෝගයක් තියෙනවා නම් මේක කිරීමෙන් වැළකෙන්න. අපි අද ඔබට ගෙන ආවේ බොහොම ලේසියෙන් පපුවේ සෙම සහ ඒ ආශ්‍රිත රෝග වලට පිළියම් කරන්න ක්‍රමයක්. මේ වගේ වැදගත් තොරතුරු නිතරම අපි ලිපි වශයෙන් පළ කරනවා. ඉතින් මේ හැම ලිපියක්ම කියවලා ඔබේ දැනුම වැඩි දියුණු කර ගන්න. තවත් ලිපියකින් ඉක්මනින් හමු වෙමු. කුඩා ළමයිට කැස්ස, සේම හැදුනහම ඉක්මනින්ම සුව කරගන්න මේ සාර්ථක ක්‍රමය යොදාගන්න පුළුවන්. ඉතින් මේ වටිනා ලිපිය ශෙයා කරලා යාළුවන්වත් දැනුවත් කරන්න අමතක කරන්න එපා.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴