කරගැට සහ ගල්තැලුම් සඳහා ප්‍රතිකාර෴

කරගැට ගල් තැලුම් ගැලවී වැටෙන්නට මේ සරල අත් බෙහෙත් කරන්න. දෙහි යුෂ කියන්නේ පාද වලට ඉතාම ගුණවත් ආලේපයක්. දෙහි බෑවක් අරගෙන ගල්තැලුම මත ඇතිල්ලීම දිනපතා සිදු කළාම සහනයක් දැනෙනවා. පා ඇඟිලිවල එන ඇතැම් කරගැටවල ඳෙහි ඇතිල්ලුවාම එම කරගැට ගැලවී යනවා. හැබැයි මේ ප්‍රතිකාරය ටික කලක් නොනවත්වාම කළ යුතුය. සෝඩියම් බයිකාබනේට් හෙවත් බේකින් සෝඩා මේස හැදි තුනක් උණු වතුර බේසමකට දමා කලවම් කර පාද එහි ඔබාගෙන විනාඩි 15ක් සිටිය යුතුය. ඊළඟට බේකින් සෝඩා වලින් තලපයක් සාදා එය ගල්තැලුම හෝ කරගැට මත තවරා රෙදි පටියකින් වෙලා පැය 12ක් තැබිය යුතුය. මෙසේ ටික කලක් යද්දී කරලට ගැලවී යනවා. පොල් විනාකිරිවල පෙඟවූ පුළුන් කැබැල්ලක් ගල්තැලුම හෝ ඉන්නා මත රෙදි පටියකින් වෙලා, පැය හතරක් තැබූ විට ගල් දැනුම හෝ කරගැටය බුරුල් වීමට පටන් ගන්නවා. මේ ආකාරයෙන් දිනකට දෙවරක් සතියක් පුරා කළ විට ගල්තැලුම ඉවත් කිරීම පහසු වන අතර කරගැටය ගැලවී වැටෙනවා. අන්නාසි ලෙල්ලක් කරගැටය මත තබා රෙදි පටියකින් වෙලා රැයක් පුරා තබන්න. මෙසේ දින කිහිපයක් කලවිට කරගැටය ගැලවී වැටෙනවා. තලන ලද සුදුලූනු බිකක් කරගැටය මත තබා බැඳ රැයක් තබන්න. දින කීපයක් මේ ප්‍රතිකාර කළ විට කරගැටය ගැලවී වැටෙනවා.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴