කූඹින්ගෙන් ආරක්ෂා වෙමු෴

අද අපි කතා කරන්න යන්නේ කොයි ගෙදරත් තියන කවුරුත් පාවිච්චි කරන ලුණු ගැනයි ලෝකය පුරා රටවල් දෙසිය ගණනක ලුණු පාවිච්චි නොකරන කිසිම රටක් නැත. ඒ  තරමට හැම තැන්වලම ලුණු පාවිච්චි පැතිරිලා. හැබැයි බොහෝ තැන්වල ලුණු පාවිච්චි වන්නේ ආහාර රසවත් කරන්නත්, ආහාර කල් තියා ගන්නයි විතරයි . නමුත් ලුණු වලින් ගන්න පුලුවන් ප්‍රයෝජන බොහොමයක් තිබෙනවා. ලුණු ආහාර කල් තියාගන්න පාවිච්චි කරන ප්‍රධාන හේතුව තමයි විසබීජ නාශකයක් වෙන එක. මේ නිසා දීර්ඝ කාලයක් තිස්සේ ලුණු ගෙවල් දොරවල් වල පිරිසුදු භාවය රැකගන්න පාවිච්චියට ගන්නවා . ලුණුවල අනිත් පිරිසිදු කරන දියර වල වගේ කිසිම විෂ ද්‍රව්‍යයක් අඩංගු වන්නේ ද නැත. ඉතින් අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ලුණු භාවිතා කරලා ගෙදර වැඩ පහසු කර ගන්න පුළුවන් විධි කිහිපයක් ගැනයි. ඔබත් මේ දේවල් කරලා බලන්න කොයිතරම් සාර්ථක වෙනවද කියලා. කූඹින්ගෙන් ආරක්ෂා වීම – අපට තියෙන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි කුබින්ගෙන් කෑම ආරක්ෂා කරගන්න එක. වතුර පුරවපු බේසම් හරි, කකුල් වලට වතුර දාපු පීරිසි තියෙන මේසෙක හරි තිබ්බෙ නැත්නම් කෑම ජාති භූමියෙන් බේරගන්න හරිම අමාරුයි. නමුත් මේකට විසඳුමක් විදිහට ලුණු පාවිච්චි කරන්න පුළුවන්. ඕනෑම කෑම භාජනයක් වටේට ලුණු වටයක් ඉහළ බලන්න කූඹි එන එක නවතිනවා. මේකට හේතුව ලුණුවලින් කූඹි විචලනය වෙන එකයි. ලෝහ ඔප දැමීම – ලෝහ වලින් හදපු පිත්තල පහන්, රිදී  හැඳි වගේ දේවල් ටිකක් කල් යද්දී පාට අඩුවෙලා දුර්වර්ණ වෙනවා. මේ සඳහා කරන්න පුළුවන්  රසායන ද්‍රව්‍ය එහෙම තියෙනවා. හැබැයි ලේසිම වැඩේ තමයි ලුණු පාවිච්චි කරන එක. ලුණුයි, විනාකිරි මිශ්‍ර කරලා හදපු පේස්ට් එකක් රෙදි කෑල්ලකින් අරගෙන මේ ලෝහ භාණ්ඩ පිහ දාලා බලන්න. ඉතා හොඳින් දීප්තිමත් වන බව ඔබට දැකගත හැකි වනු ඇත. වීදුරු පිස දැමීම – වීදුරු වල ඇති සහ කන්නාඩි වල ඇති ඉවත් නොවන පැල්ලම් ලේසියෙන් අයින් කරගන්නත් ලුණු වලින් පුළුවන්. මේ සඳහා භාජනයකට උණු වතුර අරගෙන ලුණු පුළුවන් තරම් දිය කරලා ස්පොන්ච් එකක් අරගෙන වීදුරු පිය දාලා බලන්න. ඉක්මනින් නව එළියක් ලැබෙන අතර කාලයක් යනතුරු නැවත පැල්ලම් ඇති වෙන එක පවා ලුණු මඟින් වළක්වනවා. සින්ක් වල වල අවහිර ඉවත් කිරීම – සින්ක් වතුර බැහැල යන බටහිර ගැන එක අපි කාටත් තිබෙන ප්‍රශ්නයක්. මෙම ප්‍රශ්නයටත් ලුණු වලින් ස්ථිර විසඳුමක් තිබෙන බව ඔබ දන්නේ නැතුව ඇති. කරන්න තියෙන්නේ උතුරන වතුරේ ලුණු දිය කරලා උණුවෙන්ම සින්ක් එකේ සිදුරට හලන එක. ලේසියෙන්ම ඇතුලෙ පැටලිලා තියෙන කෙස් සහ කුණු තට්ටු ගැලවිලා ගිහින් සින්ක් බටයේ  අවහිර ඉවත් වේවි . තිබෙන දුර්ගන්ධය පවා නැති වෙලා යාවි. තවද, * හම ලස්සන කරගන්න. * දත් සුදු කර ගැනීම සහ සෞඛ්‍යය රැක ගැනීම. * දත් කැක්කුම අඩු කර ගැනීම. මෙවැනි තවත් විශාල ප්‍රයෝජන රාශියක් ලුණු වලින් ලබාගත හැක.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴