ඇදුමට ( හතියට) බෙහෙත් ගෙදරදීම හදාගන්න෴

සර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය. වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි ප්‍රශ්නය - එළඹ තිබෙන මේ වියලි කාලගුණය තුළ ඉතා දරුණුවට පැතිර යමින් පවත්නා ශ්වසන රෝග අතර ඇදුම සහ පපුවේ මහන්සියට ලැබෙන්නේ මුල් තැනක්‌. ඇදුම රෝගය නිදන්ගත රෝගයක්‌ වන අතර පපුවේ මහන්සිය විටින් විට මතුවී යට යනවා. මේ රෝග තත්ත්වයන් දෙක ගැන අද ඔබ අපගේ පාඨකයන් දැනුවත් කරන්නේ කොහොමද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පළමුවෙන්ම කිවයුතුයි ඇදුම හා හතිය නිදන්ගත වුණත් තාවකාලික වුණත් එය සුවපත් කරන්නට අපේ වෙද පරම්පරාවේ ප්‍රතිකාරවලට පුළුවන්. බටහිර විද්‍යාත්මක මතයට අනුව ඇදුම හා පපුවේ මහන්සිය කියන්නේ අසාත්මික තත්ත්වයන්. එය සුවපත් කරන්නට බැරි බවත් කළමනාකරණය කරගත හැකි බවත් රෝගය හටගැනීමට හා උත්සන්න වීමට පෙර ඖෂධ ගත හැකිනම් පමණක්‌ පාලනය කළ හැකි බවත් ඔවුන් කියනවා. අපේ වෛද්‍ය ක්‍රමය මගින් කියන්නේ ආමාශය තුළ කප දොaෂය ඉස්‌මතු වීම නිසා ඇදුම හා හතිය හටගන්නා බවයි. එතැන් සිට එය පෙනහලු, ශ්වාසනාලය සහ ක්‌ලෝමවලට ගමන් කරනවා. එවිට හුස්‌ම ගැනීම අපහසු වෙනවා. පපුවේ තද ගතියක්‌ දැනෙනවා. අධික කැස්‌සක්‌ හටගන්නවා. ප්‍රශ්නය - මෙය තාවකාලිකව යටපත් කරගත හැකි ශාකශාර ඖෂධ තිබෙනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අප හැම විටම උපදෙස්‌ දෙන්නේ තාවකාලික ප්‍රතිකාරවලට යන්නෙ නැතිව රෝගය නිට්‌ටාවට සුව කරන ක්‍රමවේදයකට යන්න කියලයි. ඒත් අප මේ අවස්‌ථාවේදී තාවකාලික ප්‍රතිකාර නොදුන්නොත් පාඨකයා තුළ අප ගැන නොමනාපයක්‌ ඇති වෙනවා. අසනීපයට බෙහෙතක්‌ නොකියන මේ වෛද්‍යවරයා කොයි වගේ කෙනෙක්‌ ද කියලා ඔවුන් තුළ වෛරයක්‌ හටගන්නවා. ඒ නිසා තාවකාලික බෙහෙත් කිහිපයක්‌ කියන්නම්.
1. අමු ඉඟුරු ග්‍රෑම් 15 ක පමණ කැබැල්ලක්‌ සහ සුදු ලූනු බික්‌ තුනක්‌ ගෙන හොඳින් තලා එය උතුරන වතුර කෝප්පයකට දමා සීනි ස්‌වල්පයක්‌ කලවම් කර (දියවැඩියා රෝගීන් සීනි නැතිව මෙය පානය කළ යුතුයි.) මද රස්‌නය සහිතව පානය කිරීමෙන් ශ්වාසනාලය සහ පෙනහලුවල තිබෙන ගර්ත පිරිසිදු වී හුස්‌ම ගැනීමට පහසු වෙනවා. 2. අමු ඉඟුරු හීනියට ලියා තේ හැන්දක ප්‍රමාණයක්‌ කිරි වීදුරුවක ප්‍රමාණයකට මිශ්‍ර කර එය හොඳින් උතුරුවා ගන්න. එයට කහ කුඩු ඉතාම ටිකක්‌ (මහපට ඇඟිල්ලට සහ දබරැඟිල්ලට වරකට හසුවන ප්‍රමාණය) කලවම් කරන්න. මෙය මද රස්‌නය සහිතව දිනකට දෙවරක්‌ පානය කර ඇදුම රෝගයෙන් හටගන්නා පපුවේ තද ගතිය සහ හුස්‌ම ගැනීමේ අපහසුව නැතිකර ගන්න.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴