බෙල්ලේ ඇටකටු ගෙවීම නිසා ඇතිවන බෙල්ලෙ කැක්කුම ෴

බෙල්ලේ ඇට කටු ගෙවීම වැඩිහිටියන් සමග වැඩි දෙනාට සෑදෙන ආබාධයකි. මෙම තත්ත්වය බෙල්ලේ ඇටකටු එකිනෙකට ගෑවීම නිසා ඇති වේ. එසේ ඇට කටු එකිනෙක ගෑවෙන්නේ ඇට කටු ගෙවීම නිසාය. එවිට ස්නායු ඇදීමට පටන් ගනී. එවිට නහර තද වෙයි. ඉන් කුඩා මොළයට රුධිරය මන් කිරිම අඩු වීමට පටන් ගනී. මේ හේතුවෙන් කරකැවිල්ල ඇති වේ. මෙවැනි අයට බිම බලන විට කරකැවිල්ල වැඩි වේ. බෙල්ලේ වේදනාවක් හටගනී. බෙල්ලේ කැක්කුම එක පාරටම ඇතිවිය හැක. උදාහරණ වශයෙන් දක්වතොත් නිදාගෙන සිට නැගිටින විට තදින් වේදනා දැනේ. නැතහොත් වාඩි වී සිට නැගිටින විට වේදනා ගෙන දෙයි. බෙල්ලේ ඇටකටු ගෙවීම එක් එක් පුද්ගලයන් නිතරම සිටින වෘත්තීන් හා සම්බන්ධය. එකම ආකාරයට හිස තබාගෙන සිටින රැකියාවල නිරත පුද්ගලයන්ට මෙවැනි ආබාධ පහසුවෙන් වැළදේ. එවැනි වැඩි දෙනකු වියපත් වීම සමග බෙල්ලේ අමාරුවලින් පෙලීමට පටන් ගනී. අවසානයේ ඇට කටු ගෙවීමේ ආබාධිතයකු බට පත් වේ. උදාහරණයක් වශයෙන් දක්වතොත් ලිපිකරුවන්, රියැදුරන්, කලාකරුවන්, රගර් ක්‍රීඩකයන් වැනි බිම බලාගෙන වැඩ කරන වෘත්තීන්හි නිරත අයට මෙම රෝගය බහුලව දක්නට ලැබේ. බෙල්ල එක ආකාරයට නිතර තබා ගෙන සිටීමෙන් ඇට කටු ගෙවීමට පටන් ගත් විට එය කිසිවකුට නොදැනේ. එහෙත් ඉන් ඇට කටු එකිනෙක ඇතිල්ලීමට පටන් ගනී. අවසානයේ වේදනා ගෙන දෙයි. මෙය ස්පොන්ජිලොසිස් නම් තත්ත්වයයි. (Sbongilosis) මෙම රෝගය වයස් ගතව දක්නට ලැබුණත් අද අඩු වයස් අය අතර පවා මෙවැනි රෝගීහු සිටිති. රෝග ලක්ෂණ මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය බෙල්ලේ පිටුපස දැනෙන වේදනාවයි. මෙම බෙල්ලේ වේදනාව ඇති වන තැන ඇඟිල්ලෙන් අල්ලා පෙන්වීමට හැකි තරම් තියුණුය. එසේ එකම ස්ථානයේ තද බල වේදනාවක් ඇති වේ. ඉන් පසු අත දිගේ වේදනාවක් ඇති වේ. අත හිරිවැටීමට පටන් ගනී. එම හිරිවැටීම අත දිගේගොස් ඇඟිලිවලටත් යාමට පටන් ගනී. ඉන් පසු වේදනාව බෙල්ල හරහා හිසටත් පිටුපසින් කොන්දටත් පපුවටත් විහිදේ. එනිසා මෙම වේදනාව බොහෝ දෙනා සලකන්නේ හිස පිටපස ඇතිවන වේදනාවක් ලෙසටය. මෙම රෝග තත්ත්වය නිසා බෙල්ලේ මාංශපේෂීන් පවා තද වීමට පටන් ගනී. එවැනි තත්ත්වයකදී බෙල්ල හැරවීම අපහසුය. මෙය වැඩි දෙනා වාත අමාරු ලෙසද සලකති. මෙම රෝගය මුල් කාලයේ වැඩි දෙනා නොසලකා හැරීමෙන් පසුව උග්‍ර තත්ත්වයට පත් වෙයි. ඊට හේතුව වාත අමාරුවක් සේ සලකා වේදනාව නැසීමට වේදනා නාශක ගැල්වීම වැනි සුළු ප්‍රතිකාර මගින් මග හරවා ගැනීම නිසාය. මෙම රෝගයට ගොදුරු වීමෙන් එදිනෙදා වැඩ කටයුතු කිරීමට බාධා ඇති වේ. පාඩම් කරන හෝ රැකියාවක නිරත අයෙකුට තම වැඩකටයුතුª නිසි ලෙස කරගෙන යාම අපහසු වේ’ මෙවැනි රෝග නොසලකා හැරීමෙන් අවසානයේ අංශබාගය වැනි දරුණු රෝග තත්ත්වයකට ගොදුරු වීමට ඇති ඉඩ කඩ ද වැඩිය. එසේ වන්නේ කුඩා මොළයට නිසි පරිදි රුධිර ගමනාගමනය සිදු නොවීම නිසාය. එනිසා බෙල්ලේ දැනෙන වේදනා පවා නොතකා නොසිට පරීක්ෂා කර ගැනීම වඩාත්ම සුදුසුය. ප්‍රතිකාර මෙවැනි ආබාධයක් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ හැකිය. එහෙත් මේ සඳහා භෞතික ප්‍රතිකාර ඉතාම වැදගත් වේ. මෙවැනි රෝගියකුට එක දිනකට විනාඩි 20 ක් පමණ භෞතික ප්‍රතිකාර ලබා දිය යුතුය. ඊට අමතරව ස්නායු සායන මගින් ඖෂධ ප්‍රතිකාරත්ලබාදිය යුතු වේ. කෙටි තරංග ප්‍රතිකාර රෝහල්වලින් මෙැවනි රෝගීන්ට ලබා දෙයි. ඒ හැර ඇතැම් භෞතික ප්‍රතිකාර අංශ මගින් අතින් හදා මෙවැනි රෝගීන්ගේ බෙල්ලට සුවය ලබා දෙයි. මීට අමතරව රෝගියාට අයිස් තබා කරන ප්‍රතිකාර ක්‍රමද වේ. මෙවැනි ආබාධයකට ගොදුරු වූ විට රෝගියාගේ බෙල්ල නොසෙල්වෙන සේ තැබීම ඉතාම අවශ්‍යය. එවිට වේදනා නොදැනේ. මේ සඳහා විශේෂතා කොළරයක් පැළඳීමට නියම කෙරේ. කොළරයක් පළඳින්නේ නම් ගමන් යන විට නිදා ගන්නා විට අනිවාර්යයෙන්ම කොලරය පළඳින්න. බෙල්ල ගැස්සෙන්න ඉඩ තියන්න එපා. ඖෂධීය ප්‍රතිකාර මෙවැනි රෝගීන්ට දෙන ප්‍රධානතම ඖෂධය වේදනා නාශක ලබා දීමය. කටු එකට ගෑවෙන්නේ නම් ඉන් ඇතිවන බලපෑමට විරුද්ධවද ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුතු වේ. බෙල්ල නොසොල්වා සිටීමත් මෙම රෝගය කෙටි කලකින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය. එසේම එවිට වේදනා අඩු වේ. ස්කෑන් කිරීම ඖෂධ හා භෞතික ප්‍රතිකාරවලට සුව නොවන රෝගීන් පිරිසක් සිටිති. ඒ අය සී. ටී. ස්කෑන් එකක් හෝ එම්. ආර්. අයි. ස්කෑන් එකක් කර රෝග තත්ත්වය සොයා ඊට අවශ්‍ය සැත්කම කළ යුතු වේ. ඉන් ආබාධය සම්පූර්ණයෙන්ම සුව කර ගත හැකියි. අද මෙවැනි රෝග ළමා වියේ සිට ඇතිවිය හැකි බැවින් කුඩා අවදියේ සිට දරුවන්ට ව්‍යායාම කිරීමට ඉඩ දෙන්න. ශරීරයට අවශ්‍ය ව්‍යායාම කිරීමෙන් මෙවැනි රෝග බොහෝ දුරට වළක්වා ගත හැකිය.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴