Posts

Showing posts from 2018

ලංකාවෙ පැරනිම තුවක්කුව෴

Image
සබරගමුව මහ සමන් දේවාලය පිහිටා තිබෙන්නේ රත්නපුර-පානදුර ප්‍රධාන මාර්ගයේ, දේවාලය ගාව ගමේය. ඒ අනුව සමන් දේවාලය, රත්නපුර නගරයේ සිට කිලෝ මීටර් දෙකක පමණ දුරකින් පිහිටා ඇත. මෙම සමන් දේවාලය “පෘතුගීසීන්ගේ බළකොටුවක්” බවට පත් වී තිබූ බවත්, දෙවැනි රාජසිංහ රජතුමා ඔවුන් සමග යුද්ධ කර පරාජය කොට සබරගමුවෙන් එළවා දැමූ අතර, මුදාගත් බළකොටුව තුළ තිබී “වානේවලින් සාදන ලද කොඩිතුවක්කුවක්” සොයා ගත් බවත් එච්.එම්. ජයන්ත විජේරත්න මහතා විසින් රචිත “සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල” කෘතියේ සඳහන් කර තිබේ. 

Beautiful srilanka෴ සුන්දර ශ්‍රී ලංකාව෴

Image

Beautiful srilanka෴ සුන්දර ශ්‍රී ලංකාව෴

Image

Mandaram nuwara. මන්දාරම් නුවර.

Image

තරුණ වෙන්නෙ අලිපේර කන්න෴

දිනපතා අලිගැටපේර කෑවොත් මේ දේවල් වෙනවා 3 Months Ago හැමදාම අලිගැටපේර ආහාරයට ගන්න හෝ පානයක් විධියට ගන්නවා නම් හම පැහැපත් කරගන්න වගේම තවත් සෞඛ්‍ය වාසි ගොඩක් ලබා ගන්න පුළුවන් බව දැනගෙන හිටියාද? ඒ හැමදෙයක්ම වගේම අලිගැටපේර රසට හදාගන්න රෙසිපි කිහිපයකුත් අපි අද ඔබට ගෙන එනවා. 1. හෘද රෝග අවම වෙනවා අද වන විට හෘද රෝග ලෝකය පුරාම පැතිරෙමින් තියෙනවා. ලෝකයේ අවුරුද්දකට මිලියන 17ක් විතර හෘද රෝගීන් මරණයට පත් වෙනවා වගේම ප්‍රධාන මාරකය බවටත් හෘදය ආශ්‍රිත ලෙඩ රෝග මූලික වෙලා තියෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ඇමරිකාවේ Nutrition Science Solution ආයතනයේ මාර්ක් L. ඩ්‍රෙහර් සහ ඇඩ්‍රීන් ඩෙවන්පෝට් පළ කළ පර්යේෂණයක දැක්වෙන විධියට අපේ රුධිර සංසරණ පද්ධතිය සහ හෘදය සුවපත්ව තියාගන්න අලිගැටපේර වලට තියෙන්නේ පුදුම හැකියාවක්. අලිගැටපේරවල ශරීරයට අහිතකර සංතෘප්ත මේදය බොහොම අඩුයි වගේම සිරුරට අත්‍යාවශ්‍ය අසංතෘප්ත මේදය අඩංගු වෙනවා වගේම ඉන් අපේ ශරීරයෙන් LDL කොලෙස්ටරෝල් අඩු කරලා හොඳ කොලෙක්සටරෝල්, ඒ කියන්නේ HDL කොලෙස්ටරෝල් මට්ටම පවත්වාගෙන රුධිර සීනි මට්ටම පාලනයට දායක වන ඉන්සියුලින් සංවේදීතාවයටත් උපකාරී වෙනවා. 2. බර අඩු කරගන්න

ගුනදායක ඕට්ස් රෙසිපි 7ක්෴

Image
ඔන්න අපේ ඕට්ස් ගැන කියවුන ලිපියෙන් අපි ඔබට පෙන්නුවා මේ ධාන්‍ය වර්ගය කොතරම් ගුණ දෙන ආහාරයක්ද කියල. ඔන්න ඔබේ ඉල්ලීම් සලකලා අපි රෙසිපි කීපෙකුත් ඔබ වෙත ගෙන එන්න තීරණය කළා. පවුලේ පෝෂණය, නිරෝගීකම හැමවිටම හිතන අපි මේ රෙසිපි අත්හදා බලමු. විදේශීය ධාන්‍ය වර්ගයක් වුනත් දේශීය අපේ රුචියට ගැලපෙන අන්දමේ රෙසිපි කීපයකුත් අපට ලැබුනා. ඕට්ස් වර්ග දෙකක් තියෙන බව ඔබ දන්නවා. ඒ Instant Oats (ක්ෂණික ඕට්ස්) සහ Cooking Oats (උයන ඕට්ස්) ලෙසින්. මේ දෙකේ වෙනස තමයි ක්ෂණික ඕට්ස් ලිපේ තියලා පිසින්නේ නැතුව උණු වතුරින් හදා ගන්න පුළුවන්. උයන ඕට්ස් ලිපේ තබා හොඳින් පිස ගත යුතුමයි. 01) ක්ෂණික ඕට්ස් පලතුරු එක්ක විනාඩි කීපෙකින් හදාගන්න පුළුවන් ගුණවත් උදේ ආහාරයක්. ඒ වගේම හවසට පොඩි බඩගින්නක් ආවහම මහත් නොවී ගුණ ස්නැක් එකක් ලෙසත් අපූරුයි. මේක හදන්න විනාඩි කීපයයි යන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය: උණු කිරි වීදුරු 1 යි ඕට්ස් ඇති පමණ රසවත් කර ගන්න සීනි හෝ පැණි ( ඔබට නිකන් කන්න පුළුවන් නම් සීනි දමන්න අවශ්‍යත් නැහැ) පලතුරු වර්ගයක් ( කෙසෙල් ගෙඩි / ස්ට්‍රෝබෙරි / ඇපල්/ මිදී) සාදන ක්‍රමය: උණුසුම් කිරි භාජනයකට දමා ඒ මතට ඕට්ස් දමා හොඳින් මිශ්‍ර

My beautiful srilanka ...

Image
My beautiful country of srilanka ...

බෙල්ලේ ඇටකටු ගෙවීම නිසා ඇතිවන බෙල්ලෙ කැක්කුම ෴

බෙල්ලේ ඇට කටු ගෙවීම වැඩිහිටියන් සමග වැඩි දෙනාට සෑදෙන ආබාධයකි. මෙම තත්ත්වය බෙල්ලේ ඇටකටු එකිනෙකට ගෑවීම නිසා ඇති වේ. එසේ ඇට කටු එකිනෙක ගෑවෙන්නේ ඇට කටු ගෙවීම නිසාය. එවිට ස්නායු ඇදීමට පටන් ගනී. එවිට නහර තද වෙයි. ඉන් කුඩා මොළයට රුධිරය මන් කිරිම අඩු වීමට පටන් ගනී. මේ හේතුවෙන් කරකැවිල්ල ඇති වේ. මෙවැනි අයට බිම බලන විට කරකැවිල්ල වැඩි වේ. බෙල්ලේ වේදනාවක් හටගනී. බෙල්ලේ කැක්කුම එක පාරටම ඇතිවිය හැක. උදාහරණ වශයෙන් දක්වතොත් නිදාගෙන සිට නැගිටින විට තදින් වේදනා දැනේ. නැතහොත් වාඩි වී සිට නැගිටින විට වේදනා ගෙන දෙයි. බෙල්ලේ ඇටකටු ගෙවීම එක් එක් පුද්ගලයන් නිතරම සිටින වෘත්තීන් හා සම්බන්ධය. එකම ආකාරයට හිස තබාගෙන සිටින රැකියාවල නිරත පුද්ගලයන්ට මෙවැනි ආබාධ පහසුවෙන් වැළදේ. එවැනි වැඩි දෙනකු වියපත් වීම සමග බෙල්ලේ අමාරුවලින් පෙලීමට පටන් ගනී. අවසානයේ ඇට කටු ගෙවීමේ ආබාධිතයකු බට පත් වේ. උදාහරණයක් වශයෙන් දක්වතොත් ලිපිකරුවන්, රියැදුරන්, කලාකරුවන්, රගර් ක්‍රීඩකයන් වැනි බිම බලාගෙන වැඩ කරන වෘත්තීන්හි නිරත අයට මෙම රෝගය බහුලව දක්නට ලැබේ. බෙල්ල එක ආකාරයට නිතර තබා ගෙන සිටීමෙන් ඇට කටු ගෙවීමට පටන් ගත් විට එය කිසිවකුට නොදැනේ.

සඳකඩපහනේ ආරම්භය෴

Image
සඳකඩපහණ පමණක් නොව මුරගල මෙන්ම පඩිපෙළ හා සම්බන්ධ වූ කොරවක්ගලද මුල් කාලයේදී දැව වලින් නිර්මාණය කරන්නට ඇතැයි විද්වත්හු පෙන්වා දෙති. සඳකඩපහණේ ඇති මූර්ති හා කැටයම් කිසිවක් මුල්ම කාලයේ සඳකඩපහණෙහි තිබුණේ නැත. එසේ නම් ඊට භාවිත කළ නාමය කුමක්ද? ඒ සඳහා වූ උදාහරණ අද දක්නට තිබේද යන ප්‍රශ්නයද ඒ සමඟ මතු වනු ඇත. මුල් සඳකඩපහණ හැඳින්වූයේ පාටිකා (PATIKA) යන නාමයෙනි. පැරණී විහාර ආරාමවලට ඇතුළු වන දොරටුව පාමුල ඉතා සරළ වූ හතරැස් ගල්පුවරුවක් ලෙසින් මුල්කාලයේදී මෙම පාටිකා දක්නට ලැබුණි. ඒ අනුව මෙය මුලින්ම අර්ධ කවාකාරව තිබුණේ නැත. එය ආයත චතුරශ්‍රාකාරව තිබුණි. එවැනි දිග ආයත චතුරශ්‍රාකාර ගල්පුවරු හැඳින්වූයේ “පාටිකා” යන නාමයෙනි. මෙවැනි පාටිකාවක් අනුරාධපුරයේ අභයගිරි දාගැබට දකුණින් ඇති සන්නිපාත ශාලාවේ ඇතුළු දොරටුවේ පඩිපාමුල දක්නට ලැබේ. මෙය ඉතා කුඩා එකකි. එවැනි පාටිකාවක විශාල ප්‍රමාණයේ එකක් අනුරාධපුරයේ ජේතවනාරාමය දාගැබේ වැලිමළුවට ඇතුළුවන පඩිපෙළ පාමුල ඇත. ඔබ අනුරාධපුරයට ගියවිට මේවා දැකගත හැකිය. දිගින් වැඩි පළලින් අඩු (ආයත චතුරශ්‍රාකාර) මෙම ගල්පුවරුව පසු කාලයේදී විවිධ ආකාරයේ වෙනස්කම්වලට පත්වීමෙන් අනුරාධපුර රාජධානි සමයේ

ගොටුකොළ හා මගුණුවැන්න ගැන ඔබ නොදත් දේ..෴

‘පැනයන මුවන් දැක නොදමවු නෙළුෑ පලා’ යනුවෙන් ආප්තෝපදේශ ලියූ ලාංකිකයාට අත ඇති පලා මිටිය පොළොවේ ගසා ඉවත දුවන්නට සිතෙන ප‍්‍රවෘත්තියක් පසුගියදා අසන්නට ලැබුණි. මන්දයත් බොහෝදෙනා අත අද තිබෙන්නේ තමා විසින් නෙළුෑ පලා නොව කවරෙකු හෝ නෙළා මිටි බැඳ කඩ බක්කියට ගෙනවිත් දැමූ කොළ මිටියක් නිසාය. එය කවුරුන් කුමන තැනකින් නෙළාගෙන ආවාදැයි පාරිභෝගිකයා දන්නේ නැත. වස දියරෙන් පොඟවා වගාකොට, කඩා ගත්තාට පසු කුමන දිය කඩිත්තෙන් සෝදාගෙන ආවාදැයි දන්නේත් නැත. මේ ප‍්‍රවෘත්තිය සමස්ත රට වැසියාට වැදගත් වන්නේ ඒ නිසාවෙනි. එය අසන්නට ලැබුනේද එසේ මෙසේ තැනකින් නොව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 20 වෙනි වාර්ෂික විද්වත් සමුළුවේදීය. පසුගිය සැප්තැම්බර් 6,7 දෙදින තුළ පේරාදෙණියේදී මෙය පැවැත්වූයේ ”නිපදවීමෙන් ඔබ්බට ගොවිකම” (Agriculture Beyond Production) යන තේමා පාඨය යටතේය. සංවිධායකයින් එවන් තේමාවක් තෝරාගැනීම තුළින් පවා කියවෙන්නේ ගුණාත්මක බෝග නිෂ්පාදනයක සහ නිපදවන දෑ නිරපරාදේ විනාශවී යාම නොහොත් පසු අස්වනු හානිය අවම කිරීමේ කාලීන අවශ්‍යතාවයයි. අස්වැන්න පමණක් ඉලක්ක කරගත් ගොවිතැනක හිනිපෙත්ත අබියසට අප පැමිණ සිටිමු. දැන් අවශ්‍ය වන්නේ වසවිස නැති යහගුණැ

බිංකොහොඹ෴

බිං කොහොඹ සෙ.මි 15 පමණ උසට වර්ධනය වන කුඩා පැළෑටියකි. බොහෝ විට අතු බෙදීමක් දක්නට නොලැබේ. පත්‍ර තරමක් ගණව කිරුලක් මෙන් ඇසිරී ඇත. පත්‍රවල හැඩය අනුව ප්‍රභේද 10 ක් හෝ ඊට වැඩි සංඛාවන් දැකිය හැකිය. පෙති 5 ක් සහිත සුදු පැහැති මල් ඉතා අලංකාරවත් මෙන්ම සුවඳවත් ය. ඒ ඒ ප්‍රභේදවල මල් ද තරමක විවිධත්වයකින් ගනී. ස්ඵෝටිකාවක් වන ඵලය පිපිරී යෑමෙන් විසිරෙන බීජ මඟින් ශාකයෙහි ව්‍යාප්තිය සිදු වේ. බිංකොහොඹ වානිජව වගා කීරීමෙන් ඉහල ආර්ථික ප්‍රතිලාභ ලබ ගත හැකිය. වඳවී යාමේ තර්ජනයටද ලක්ව ඇති වටිනා දේශීය ඖෂධ පැළෑටියක් වන බිං කොහොඹ ශාකය Meliaceae උද්භිද කුලයට අයත් ය. බිංකොහොඹ දේශීය වෙදකමට අනන්‍ය ඖෂධයක් ලෙස සැලකේ. ඉන්දීය වෛද්‍ය නිගණ්ඩුවල දේශීය බිංකොහොඹ ශාකය ගැන සඳහනක් නොමැත. අතීතයේ සිටම භූනිබ්බ ලෙස සඳහන්ව ඇති විට දේශීය වෛද්‍යවරු බිංකොහොඹ ශාකය ඖෂධ සඳහා භාවිතයට ගෙන ඇත. බිංකොහොඹ නාමය සහිත නම් තවත් දේශීය ශාකයක් හමුවන අතර එය “හීං බිංකොහොඹ” (Andrographis paniculata) නම් වේ. දේශීයව එයට වල් බිංකොහොඹ සහ ඇතැම් විට කිරාත යන නම ද භාවිතා කරයි. සංස්කෘතෙන් භූනිම්බ, කාලමෙඝ ආදී නම් වලින් හඳුන්වන එම ශාකය දේශීයව සහ විදේශීයව බෙහෙවින්

අසාමාන්‍ය ලෙස බෙල්ලේ කැක්කුම෴

”දවස් ගානක ඉදන් බෙල්ල කැක්කුමයි. ඒ මදිවට උරහිස් දෙකත් කැක්කුමයි. සමහර වේලාවට තද හිසේ කැක්කුමක් ඇතිවෙනවා. ඔළුව පිටිපස්ස, නළලට ටිකක් උඩින් වේදනාවක් දැනෙනවා. තව අත්වල ඇ`ගිලිත් හිරිවැටෙනවා. බෙල්ල එහාට මෙහාට හරවන්න බෑ. බෙල්ලට පහළින් කොඳු ඇට පෙළත් පිට දිහාට යනකල්ම රිදෙනවා.” මෙවැනිි රෝගී තත්වයන් වලින් ඔබත් පෙළෙනවාද? උදැසන අවදිවූ මොහොතේ සිට මෙවන් වේදනා කන්දරාවක් ඔබටත් ඇතිවෙනවාද? මේ වේදනා සියල්ලටම ඔබ පොදුවේ කියන්නේ බෙල්ල රිදෙනවා කියලයි. මේ බෙල්ලේ අමාරුකම බහුලව ඇතිවන්නේ මැදි වයසේ පුද්ගලයන්ටයි. ඒ හැරුණු විට පරිගණක ආශි‍්‍රතව කි‍්‍රයාකරන අයට වගේම අධ්‍යාපනය ලබන වයසේ දරුවන්ටත් (සරසවි දරුවන් ඇතුළුව) මේ බෙල්ලේ අමාරුකම් සුලභව ඇතිවෙන්න පු`එවන්. මැදි වයසේ අය වයසට යාමත් සම`ග කශේරුකා අවට ඇති ඉඩ ප‍්‍රමාණය මදිවීම නිසා මෙවන් තත්ත්වයක් ඇතිවෙන්න පු`එවන්. මෙහිදී ගෙල හරවන විට ඉතාම තියුණු වේදනාවක් ඇතිවිය හැකියි. ඒ වගේම අත්වල ඇ`ගිලිද කෙටි වේලාවකට හිරිවැටීමට ලක්විය හැකියි. ස්නායු ඇදීම මීට හේතුවයි. බොහෝ විට පාසල් දරුවන්ටත් බෙල්ලේ කැක්කුම් තත්ත්වය ඇතිවිය හැකියි. ඊට ප‍්‍රධාන වශයෙන් බලපාන්නේ පොත් පත් පාඩම් කරන විට හා මේස