සරීරය නිරෝගි කරන කරවිල෴

කරවිල වල ඇති වටිනා ඖෂධීය ගුණ  කරවිල වල ඇති තිත්ත රසය නිසා වැඩි දෙනෙක් කෑමට අකමැති එළවළුවක් වුනත් කරවිල වල ඇති වටිනා ඖෂධීය ගුණ පිළිබඳ ඔබ දැනගෙන හිටියාද? කරවිල වල ඇති තිත්ත රසය නිසා වැඩි දෙනෙක් කෑමට අකමැති එළවළුවක් වුනත් කරවිල වල ගුණ පිළිබඳ ඔබ දැනගෙන හිටියාද? කරවිල ව්‍යංජනය, කරවිල බැදුම, කරවිල සම්බෝලය හා කරවිල පානයක් ලෙසිනුත් රසවත් ලෙස සාදාගෙන ආහාරයට එකතු කර ගන්න ඔබට පුළුවන්. කරවිල වල ගුණ ක්ලොස්ටරෝල් පාලනය කරවිල මගින් ශරීරයේ ඇති අහිතකර ක්ලොස්ටරෝල් ප්‍රමාණය දහනය කර හෘදයාබාධ හා හදිසි ආබාධ ඇති කිරීම වළකනවා. රුධිර පීඩනය පාලනය කිරීම හා අධික ලෙස ශරීරයට පොටෑසියම් හා සෝඩියම් අවශෝෂණය කර ගැනීම පාලනය කරනවා. පිළිකා සෛල විනාශ කිරීම කරවිල ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර ඒ මගින් අග්න්‍යාශය ආශ්‍රිත පිළිකා, පුරස්ථිති ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, පියයුරු පිළිකා, මහ බඩවැල, අක්මාව, වකුගඩු හා ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවධානම අඩු කිරීමට සමත් වෙනවා. දියවැඩියාව පාලනය කරවිල මගින් ශරීරයේ ඇති අතිරික්ත සීනි ප්‍රමාණය අඩු කර දියවැඩියාව පාලනය කරනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදු කරනවා. සිරුර තුළ පිෂ්ටය දහනය කිරීම ශරීරයේ තැම්පත් වෙන වැඩිපුර පිෂ්ටය දහනය කිරීමට කරවිල වලට හැකියාව තිබෙනවා. අධික ලෙස පිෂ්ටය තැන්පත් වීම නිසා ඇතිවන තරබාරුව නැතිකර රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග පාලනය කරනවා. වකුගඩු වල ගල් ඉවත් කිරීම වකුගඩු වල ගල් ඇති වූ විට කරවිල මගින් ඒවා සුව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ආහාරත් සමග ගැනීමෙන් ශරීරයට පහසුවෙන් උරාගැනීම නිසා ඖෂධ වලින් තොරව සුවකරගන්න පුළුවන්. ඇස් වල පෙනීමට කරවිල වල ඇති බීටා කැරොටින් සහ විටමින් වැනි සංඝටක වලින් ඇසේ සුද ඇතිවීම හා දෘෂ්ඨි ආශ්‍රිත රෝග ඇතිවීම වළකනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. කරවිල මගින් වෛරස් හා බැක්ටීරියා සමග සටන් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. රෝග කාරකයන්ට එරෙහිව ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින් ලෙඩ රෝග වලින් වැළකී සිටීමට උපකාරී වේ. අක්මාව පිරිසිදු කිරීමට උපකාර වෙනවා කරවිල යුෂ පානයෙන් බඩවැල් පිරිසිදු කරන අතර අක්මාවේ ගැටළු වලටත් සුවදායකයි. එමෙන්ම ඒ මගින් මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වයත් වැඩි දියුණු කරනවා. සම පැහැපත් කිරීමට හා හිසකෙස් නිරෝගී කර ගැනීමට කරවිල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එහි ඇති විටමින් A සහ C මගින් සම පැහැපත් කර සමේ රැළි වැටීම් වළක්වනවා. එමෙන්ම එය සම UV කිරණ වලින් ආරක්ෂා කිරීමටත් උපකාරී වෙනවා. කරවිල යුෂ හිස මත ගැල්වීමෙන් හිසකෙස් යාම, රළු කෙස්, ඉස්සොරි සහ හිසෙහි කැසීම් වලට සුවයක් ගෙන දෙනවා. කරවිල යුෂ ඍජුවම හිසෙහි ආලේප කිරීමෙන් හිසකෙස් වැටීම වළක්වාගත හැකි අතර එයට මී කිරි ටිකක් එකතු කර ගැනීමෙන් හිස් කබලට සහ හිස කෙස් වලට කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරනවා. කරවිල වල ගුණ: දරුවන්ව කරවිල කෑමට කැමැත්තක් ඇති කරන්නේ කෙසේද? වැඩිහිටියන් ගුණ ගැන සිතා හෝ කරවිල ආහාරයට ගත්තත් දරුවන්ට කරවිල කැවීම එතරම් ලේසි කාර්යයක් නෙමේ. නමුත් දරුවන් කරවිල වලට කැමැත්තක් ඇති වන ආකාරයට සකසා ගත්තොත් ඔවුනුත් කරවිල ආසාවෙන් කෑමට ගනී. කරවිල සිහින් පෙති වලට කපා ලුණු දැමු ජලයෙන් සෝදා ගන්න. පසුව ඒවා සාදාගත් පාන් පිටි තැවරුමක ගිල්වා පාන් කුඩු තවරා ඒවා රන් වන් පැහැ වන තුරු ගැඹුරු තෙලේ බැදගන්න. දැන් කර කර ගා රසට හැපෙන කරවිල පෙති බත් සමග දරුවන්ට පිළිගන්වන්න. ඒවා කරවිල බවවත්, තිත්ත රසයක්වත් නොදැනෙන නිසා දරුවන් ඉතා කැමැත්තෙන් ආහාරයට ගන්නා බව නම් විශ්වාසයි.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴