පොලව යට මැණික් බලන අඳුනක්෴

අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?    "අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල" දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියුව දේ වෙයි කියල මටත් හිතුනෙ මේ මම බොහොම කලාතුරකින් කරන දෙයක් නිසා වෙන්න ඇති. පොත්දාල තිබ්බ පෙට්ටි ටිකයි එහෙ මෙහෙ වැටිල තිබ්බ පොත් ටිකයි අරන් මම එලියෙ පේමන්ට් එක උඩට ගියේ මෙච්චර කල් පොත් වලට අයිතිවසිකම් කියල හිටිය කැරපොත්තො වේයො කමරේ පුරා කැරකෙන්න ගත්ත නිසා පෙට්ටි වල උඩින්ම තිබුනෙ පොඩිකාලෙ පාවිච්චි කරපු ලියන පොත්, ඒ ගොඩ අයින් කරහම තිබුනෙ මම පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් කියවපු කතා පොත්.ටොම් සෝයර්,රොබින්සන් කෘසෝ,දියමන්ති නිම්නය,මේ පොත් මාව පොත් ගුල්ලෙක් කරා වගේම එක එක පිස්සු වැඩ කරන්නත් පෙලබුව. ටොම් සෝයර්, මම වැඩිම වාර ගානක් කියවපු පොත වෙන්න ඇති, ඒ පොත ටව්න් එකේ සරසවි පොත් හලින් අප්පච්චි මට අරන් දෙන කොට මම හිටියෙ පහ වසරෙ, පොත කියවල ඉවර උනහම මටත් ඕන උනේ ටොම් වෙන්න, රස්තියාදු ගහන්න,පාලු දූපතකට යන්න, නිදන් හොයන්න, බෙකී වගේ ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න මට හිතුනත් මට ඒ කාලෙ කරන්න පුලුවන් උනේ නිදන් හොයන්න යන එකයි,ගෑනු ළමයෙක්ට ආදරේ කරන එකයි විතරයි.ඒ පොත කියවපු ඕනම පොඩි කොල්ලෙක්ට එහෙම කරන්න හිතුන් නැති වුනොත් තමා පුදුම වෙන්න ඕනෙ, ඒ සිද්දි මතක් කර කර පොත් ටික ටික එලියට අදින කොට පෙට්ටියක් අඩියෙ තිබිල එලියට අවෙ මට නුපුරුදු පොත් දෙකක්,  මොනවද මේ පොත්, වේයො ගොඩක් කාල තිබුන ලොකු පොත අයින් කරපු මම අතට ගත්තෙ පිට කවරෙ විතරක් වේයො කාල තිබ්බ පොඩි පොත,කොච්චර වේයො හිටියත් ඒ පොතේ එක පි‍ටුවක් වත් වේයො කාල තිබ්බෙ නෑ. අක්ෂි වෛද්‍ය රත්නය පරණ නෝට් පොතක් වගේ පේන පොතේ පලවෙනි පි‍ටුවෙ උඩින් තිබුනෙ එහෙම. ඇස් ලෙඩ , ඒවගෙ රෝග ලක්ෂණ, බෙහෙත් වර්ග ගැන ලියල තියන මේක වෙද පොතක්. පුදුමයක් නෑ මම මේක කියවල නැති එක, මොකද දැනුත් මේකෙ තියන සමහර වචන මට තේරුම් ගන්න අමාරුයි,බැදි අකුරු වලින් තිබ්බ සමහර වචන මට කොහොමටවත් තේරුනේ නැහැ,ඒ උනාට මේක ලියපු කෙනා ගොඩක් පැහැදිලිව ලියල තිබුන නිසා මම පොත දිගටම ආසවෙන් කියවගෙන ගියා. පොතේ මැද හරියට වෙනකම් වේගයෙන් කියවගෙන ගිහින් පොතත් අරගෙන මම සියඹලගහ යට තියන බංකුව උඩට ගියේ වෙද කම් ගැන තිබුනු පි‍ටු අතර තිබුනු අමුතු දෙයක් දැකල, පොළොව යට මැණික් බැලීමට අඳුනක් අඳුන්! අඳුන් කියන්නෙ අංජනම් ද? වෙද පොතක් ඇතුලෙ අඳුන් ගැන ලියල තියෙන්නෙ ඇයි?  ඒ වෙලාව මගේ ඔලුවට ආවෙ ඔය ප්‍රශ්න කවුරු හරි මගෙන් ඇහුවොත් මන්තර විශ්වස කරනවද? කියල මට ඒකට දෙන්න හරි උත්තරයක් නෑ.මොකද මම ඒ ගැන දන්නෑ. කොහොම උනත් මේ පොත් කොහොමද මෙතන්ට ආවෙ, කියල මම හොයන්න ඔනෙ, අනිත් පි‍ටුවල තියෙන්නෙ මොනවද? අනිත් පොතේ තියෙන්නෙ මොනවද? සමහර දේවල් මට තේරුම් ගන්නත් අමරුයි. මේව බොරු ද? එත්, මෙච්චර මහන්සි වෙලා කවුරු හරි පොතක බොරු ලියයිද?

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴