දරුවාට පලඳන පංචායුධය ගැන දන්නවාද?෴

"පංචායුධය දරුවා ඉපදුන පසු ඔහුගේ නැකත් පරීක්ෂා කර තනනු ලබන අතර බොහෝ විට රනින් තැනු පංචායුධ දරුවාට පැළද වීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි." පංචායුධය යනු ආදි හෙළයේ දෙමව්පියන් විසින් අලුත උපන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉනෙහි හෝ බෙල්ලෙහි පළදවනු ලබන රනින් හෝ රිදියෙන් තනනු ලබන ආභරණයකි. මෙය බොහෝවිට දරු පැටියාට මුලින්ම පළදවන ආභරණයද වේ. දැන් පංචායුධයක් පැලදවීම අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස නොසැලකුවද අතීතයේ එය අලුත උපන් දරුවෙකු නිවසට ගෙන ආ විට කරන චාරිත්‍රයක් හා සම විය. බොහොවිට පවුලේ වැඩිහිටියෙකු විසින් එය දරුවාට පළදවනු ලැබු අතර දරුවා ග්‍රහ අපල දෝෂ වලින් මෙන්ම නොපෙනෙන බල වේග වලින් දරුවා ආරක්ෂා කර ගැනීම මෙහි මුලික අරමුණ විය. පංචායුධය යන නම ආයුධ පහක් යන අරුථ ලබා දෙයි. පුංචි දරුවන්ට පළදවන පංචායුධයෙහි ආයුධ පහක් දකින්නට ලැබේ. ඒවා නම්: මුගුර කඩුව දුන්න සංඛය පාරා වළල්ල ඒවා වේ. ඊට අමතරව ජොතිශ්‍යය අනුව දරුවාගේ වේලාව පරීක්ෂා කර බලා ඒ අනුව ඇති අපල උපද්‍රව අනුව ගැලපෙන මාණික්‍යයක් පංචායුධයේ ඔබ්බවනු ලබයි. පංචායුධය හා බැදි විශ්වාස අළුත උපන් බිළිඳු දරුවාගේ ගෙළෙහි පංචායුධයක් පැළැඳවීමෙන්, එම දරුවාගේ ඇස්‌වහ කටවහ දෝෂ, ග්‍රහ අපල දෝෂ ආදි පෙනෙන නොපෙනෙන දේෂ වලින් ඔහුව ආරක්ෂා කරමිනු  දරුවාට සුරක්ෂිතතාවයක් ලබා දෙනු ඇති බව අතීතයේ ඇත්තෝ විශ්වාස  කළහ. තාක්ෂණ දියුණු වත්ම මෙම විශ්වාස සමාජයෙන් මදින් මද ගිලිහි ගියද පංචායුධය පැළද වීමේ චාරිත්‍රය අදද දක්නට ලැබේ. එය හුදෙක් විශ්වාසයෙන් තොරව කරන චාරිත්‍රයක් බවට පත්වෙමින් පවතී. පංචායුධය දරුවා ඉපදුන පසු ඔහුගේ නැකත් පරීක්ෂා කර තනනු ලබන අතර බොහෝ විට රනින් තැනු පංචායුධ දරුවාට පැළද වීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි. පංචායුධ පැළදවීමේදි අපි සැලකිලිමත් විය යුතු කරුණු පුංචි දරුවෙකුට ආභරණයක් පැළද වීම ඇත්තටම කරදරකාරී දෙයක් වෙනවා. ඒ වගේම එය මුඛයේ දමා ගැනීමෙන් සිරවීමේ අවදානමක්ද තියෙනවා. නින්දේදි පංචායුධය සිරුරට තද වී තුවාල සීරීම් ඇතිවෙන්න පුළුවන් ඒ වගේම ඔබේ නොදරුවාට වටිනා ආභරණ පැළදවීමෙන් ඔහුව සොර සතුරන්ගේ අනතුර වලට නිරාවරණය වීමක්ද වෙනවා. පංචායුධයක් ඔබේ සිගිත්තාට පළදවන්න ඔබ ආසාවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මව්වරුනි , පියවරුනි ඉහත කරුණු ගැනද ඔබ සැලකිලිමත් වෙන්න.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴