ළමා හිංසනය වලකමු෴

දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත Niloufer Perera MBA (PIM Srij) මවක් වන සෙල්වි රාමනාදන් ඇගේ කුරිරු ගෘහ සේවිකාව හා සම්බන්ධ අත්දැකීම බෙදාගන්නේ අනෙකුත් දරුවන්ගේ දරුවන්ගේ මතු ආරක්ෂාව පිණිසයි. වාසනාවකට මෙන් ඇගේ දරුවා නිරුපද්‍රිතව සිටින මුත් පිටස්තර කෙනෙකු තම ආදර දරුවාට පහර දෙනු දැක ඇති වූ කම්පනයෙන් මිදීමට කිසි දින හැකි වේදැයි ඔවුන් නොදනී. කුරිරු කුරිරු ගෘහ සේවිකාව හා සම්බන්ධ මෙම  සිද්ධියට මුල් වූ කරුණු සහ අනතුරු ඇඟවීම් ලීසා නමැති අප ගෘහ සේවිකාව සේවයට පැමිණ සතියක් පමණ වුවත් ඇය බොරු කියන බව අපට දැනුනේ ඇයගේ නෑදෑ මිත්‍රයින් මේ අවට නොසිටිනවා කීමත් සමඟයි. මෙම සිදුවීමට පෙරාතුව අප දුටුවේ ඇය විසිත්ත කාමරයේ හෝ මුළුතැන්ගෙයි කෙළවරකට වී තනිව කතාකරමින් හඬන බවයි. මේ නිසා අප ඇයගේ පවුල් පසුබිම ගැන අනුකම්පා සහගතව දැනගැනීමට උත්සාහ කළා. ඇය දරුවා සමඟ හොඳින් පසුවන බවක් අඔපට පෙනුනද ඇය නිරතුරුවම ජංගම දුරකතනයේ එල්ලී සිටි අතර අපගේ ගෘහ දුරකතනයද ඇය භාවිතා කරන අයුරු අප දුටුවෙමු. මෙහිදී ඇය දරුවා සමඟද කෝප ගත් බව මට පෙනී ගියා. දිනක් දරුවා ඇය වෙත ගොස් සෙල්ලම් කිරීමට තැත් කිරීමේදී, ඇය පුටුවක් උස්ස ඔහුට පහර දීමට තැත් කාලය. එහෙත් පහර දුන්නේ නැත. මෙය සිදු වුයේ ඇය දරුවාට පහර දෙනු අප දැක දින තුන හතරකට පෙරය. මා ඉමහත් ලෙස නොසන්සුන් වූයේ ඇය දරුවාව දරුණු වද හින්සාවකට ලක් කරාවි යැයි ඇති වූ බියෙනි. ඇය සේවයට පැමිණ ගත වූයේ සති තුනක් වූවත් ඉමහත් වූ ක්‍රෝධයත්, කෝපයත් ඇය තුල තිබිණි. මගේ සැමියා මට කලබල නොවී සිටින ලෙස අවවාද කල අතර ඇයට පවුල් ප්‍රශ්න ඇති බව පෙනෙන නිසා අවස්තාවක් දෙන ලෙස පැවසිය. දිනපතා කැමරාව පිරික්සීමට උදව් කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. දවල් කාලයේදී දරුවා අවදිව සිටින විට ඔහුට දිය යුතු පලතුරු හා කෙටි ආහාරයක් දරුවාට නොදී ඇය ඒවා අහාරයට ගන්නා බව අපට පෙනුනි. මෙහිදී දරුවාට කන්න දෙන්න යැයි කියා අප ඇයට අවවාද කළෙමු. මෙහිදී සිදු වූයේ ඇය ඔහුට බලෙන් ආහාර දීමට තැත් කිරීමයි. ඔහුගේ නිකටින් අල්ලා ආහාර කටට ඔබන අතර පිටුපසට පහර දෙන්නේ කඳුළු සලා හඬන දරුවා කෙරෙහි කිසිඳු තෙතමනයක් හෝ අනුකම්පාවක් නැතිවයි. මෙය මවකට බලා සිටීමට සිදුවන ඉතා දුෂ්කර දසුනකි. පසු කාලින සිදුවීම පොලීසිය මෙම දර්ශන නැරඹීම ප්‍රතික්ෂේප කළහ. ලීසා මෙය අහම්බයක් යැයි කීමට ඉඩ ඇති බව ඔව්හු පැවසුහ. උසාවියක හෝ සාක්ෂියක් දීමට තරම් මේරු වයසක් දරුවාට නැත. පොලිසිය කෙරෙහි මටත් මගේ සැමියාටත් ඇති වූ කෝපය සහ කලකිරීම මෙතෙකැයි කිව නොහැක. ලීසා මේ කැමරාව ගැන දන සිටියේ නැත. ඇය වෙනුවට වෙන සේවිකාවක්ද අප සොයාගත යුතුය. අප විශාල මුදලක් ඇය වෙනුවෙන් වියදම් කල අතර මගේ නිවාඩු අවසන් වූයේ ඇය පැමිණීමට පෙර දරුවා බලාගැනීම සඳහාය. තවත් නිවසකින් සේවිකාවක් ගෙන්වාගැනීමට ලිය කියවිලි සකස් කල නමුත් අවසාන මොහොතේ ඇයද පැමිණීම ප්‍රතික්ෂේප කාලය. මම නිතික්ඝ්ය මහතෙකුගේ පිට පැතුවෙමි. අපට කල හැකිව තිබුනේ ඇයට වැටුප නොදී සේවයෙන් ඉවත් කිරීමයි. ඇගේ පළමු වැටුප ඇය එවූ ඒජන්සියට ගෙව්වුවෙමු. අපට නව සේවිකාවක් ගෙන්වාගන්නා තුරු ඇයව සේවයේ තබාගන්නවා හැර වෙනත් විකල්පයක් නොවිය. ඒ බව ඇයට පැවසු අපි ඇගේ ගුවන් ටිකට්පත් ගාස්තුව වැටුපෙන් අඩු කරගන්නා බව පැවසුවෙමු. මෙම කාලයේදී මගේ මව්පියන් ගෙන්වාගත්තේ ඇය දරුවාට අනතුරක් කරාවි යන බිය නිසාය. ඇගේ දෙවැනි මාසය ඇතුලත මගේ විදේශ නෝට්ටු ඇය සොරාගෙන තිබිණි. අප මේ බව දැනගත්තේ ඇගේ දුරකථන සංවාදයකදී එම මුදල් වල වටිනාකම ඇය විමසූ විටකය. ඇය අප නිවසින් ඉවත්ව යන දිනයේ එම මුදල් පිළිබඳව අප ප්‍රශ්න කල විට ඇය තරයේ කියා සිටියේ  එම මුදල් ඇය ළඟ අප නිවසට පැමිණෙන්ට ප්‍රතමවත් තිබු බවයි. මගේ එකම සැනසීම වූයේ ඇය තවදුරටත් අප නිවසේ රැඳී නොසිටීමත් අප ජිවිත වලින් ඇය තුරන් වීමත්ය. අවංක යහපත් ගෘහසේවිකාවක් සොයාගැනීම ඉමහත් අපහසුවක් වන අතර එවැනි කෙනෙක් ලැබීම මහත් භාග්‍යයකි. ගෘහ සේවිකාවක් දරුවාට හිරිහැර කරන බව ඒත්තු ගිය විට ඔබ කල යුතු දෑ කිහිපයක් මගේ අත්දැකීමෙන්.... 1 හොඳ සැඟවුණු කැමරාවක් සවි කිරීම සහ සේවිකාව ඒ පිළිබඳව දැනුවත් කිරීම. 2 මෙවැනි තත්වයන් මතු වූ විට ඇයව ප්‍රශ්ණ කිරීම නොකළ යුතුයි. 3 දරුවා වහාම ඇයගේ භාරයෙන් ඉවත් කල යුතු අතර නීති උපදෙස් ලබාගත යුතුය. 4 විකල්ප මාර්ග සොයාගත යුතු අතර පොලීසියද දැනුවත් කල යුතුය. නමුත් කිසිඳු උපකාරයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැක. 5 හැකි ඉක්මනින් ඇයව සේවයෙන් පහ කොට පිටත් කල යුතුය. "මේ වීඩියෝපටය මා නිකුත් කලේ දරුවා අවුරුදු දෙක සම්පුර්ණ කල පසුවයි. දරුවා පලතුරු වමනය කල විට ලීසා ඔහුගේ පසුපසට පහරදුන් පසුවයි. මෙම වීඩියෝවේ හඬ පට පැහැදිලි වූ නැති මුත් අප කැමරාවෙන් ඇසූ  දරුවාගේ හැඬුම් හා විලාප හද කකියවන සුළුය." නම් ගම් මනක්කල්පිතයි. ලංකාවේ මවක් මුහුණ දුන් තවත් මෙවැනිම අත්දැකීමක් මෙතැනින් දරුවාට පහර දුන් ලංකාවේ ගෘහ සේවිකාව කැමරා ඇසට හසු වේ. 

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴