Posts

Showing posts from January, 2019

ශ්‍රී ලංකාවෙට රූපවාහිනීය හඳුන්වා දුන් මුල්කාලය෴

Image
ශ්‍රී ලංකාවට රූපවාහිනීය හඳුන්වා දුන් මුල්කාලයේ වෙලඳදැන්වීම් සඳහා දැන්වගේ නවීන කැමරා උපකරන හා නවීන තාක්ෂණය නොතිබුණු අවදියක් විය. නමුත් එවකට තිබූ සීමිත සම්පත් මගින් උපරිම ප්‍රයොජනය ලබාගෙන ගුනාත්මක වෙලඳදැන්වීම් නිර්මානය කිරීීමට අප රටේ එවකට සිටි තාක්ෂණ ශිල්පීන් හට හැකිවිය.

හැටපැන්නත් වඳුරා බිමින් නොයන්නේය෴

Image
අප ජනවහරේ කියවෙන හැටපැන්නත් වඳුරා බිමින් නොයයි යන වහරේ කියවෙන කතාව කටකහනවාට කියූවක් නොවන්නේය.   වයසක පුද්ගලයන් තම වයසට නොගැලපෙන අයුරින් නොයෙකුත් ක්‍රියවල නිරත වන ආකාරය දැකපු අපේ පැරන්නන් තැනට උචිතවන ආකාරයට වචන ගලපා ප්‍රස්ථා පිරුළු නිර්මාණය කලේ මේ ආකාරයටය. 
Image
බල්ලා යන නම සුනඛයාට සුදුසු ද?                  සුනකයින් අනාදිමත් කාලයක සිට මිනිසාගේ මිතුරාය. සුනකයට බල්ලා යන නම දුන්නේද මිනිසාමය. නමුත් වර්තමානයේ සුනඛයාට හිමි තැන අරගෙන ඇත්තේ මිනිසාය. සුනඛයාට එක්වරක් යම්කිසි ආහාරයක් ලබාදුන්නා නම් වසර දහයකට පසු මුනගැසුනත් උගේ මතකය හා ලෙන්ගතුකම එලෙසමය. නමුත් මිනිසාට අදකරන උපකාරය දවස් දෙක තුනකින් අමතකව යන්නේය. මෙහෙව් සතාට බල්ලා යන නාමය ඉතාමත් හොඳින් ගැලපෙනවා නෙවේද?෴

කොහොමද ඒක.

Image
ඉවතදමන ස්ප්‍රේ තීන්තටින් යොදාගෙන කරඇති මෙම අලංකරණ නිර්මානය මොනතරම් ලස්සන නිර්මාණයක්ද. කලාව පිහිටන්න කෙනෙකුට උපතින්ම එන සහජීවනයෙන් පිහිටන හැකියවක් තිබිය යුතුමයි. මනස ඒකාකාරව තබාගෙන කලයුතු මෙම නිර්මාණ සෑම කෙනෙකුටම සිතපහල නොවන්නේය.

දරුවාට පලඳන පංචායුධය ගැන දන්නවාද?෴

Image
"පංචායුධය දරුවා ඉපදුන පසු ඔහුගේ නැකත් පරීක්ෂා කර තනනු ලබන අතර බොහෝ විට රනින් තැනු පංචායුධ දරුවාට පැළද වීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි." පංචායුධය යනු ආදි හෙළයේ දෙමව්පියන් විසින් අලුත උපන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉනෙහි හෝ බෙල්ලෙහි පළදවනු ලබන රනින් හෝ රිදියෙන් තනනු ලබන ආභරණයකි. මෙය බොහෝවිට දරු පැටියාට මුලින්ම පළදවන ආභරණයද වේ. දැන් පංචායුධයක් පැලදවීම අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස නොසැලකුවද අතීතයේ එය අලුත උපන් දරුවෙකු නිවසට ගෙන ආ විට කරන චාරිත්‍රයක් හා සම විය. බොහොවිට පවුලේ වැඩිහිටියෙකු විසින් එය දරුවාට පළදවනු ලැබු අතර දරුවා ග්‍රහ අපල දෝෂ වලින් මෙන්ම නොපෙනෙන බල වේග වලින් දරුවා ආරක්ෂා කර ගැනීම මෙහි මුලික අරමුණ විය. පංචායුධය යන නම ආයුධ පහක් යන අරුථ ලබා දෙයි. පුංචි දරුවන්ට පළදවන පංචායුධයෙහි ආයුධ පහක් දකින්නට ලැබේ. ඒවා නම්: මුගුර කඩුව දුන්න සංඛය පාරා වළල්ල ඒවා වේ. ඊට අමතරව ජොතිශ්‍යය අනුව දරුවාගේ වේලාව පරීක්ෂා කර බලා ඒ අනුව ඇති අපල උපද්‍රව අනුව ගැලපෙන මාණික්‍යයක් පංචායුධයේ ඔබ්බවනු ලබයි. පංචායුධය හා බැදි විශ්වාස අළුත උපන් බිළිඳු දරුවාගේ ගෙළෙහි පංචායුධයක් පැළැඳවීමෙන්, එම දරුවාගේ

ශ්‍රී ලාංකීය අපේ උරුමයන් : සූනියම් දේවතාවගේ දිෂ්ටි මන්ත්‍රය

ශ්‍රී ලාංකීය අපේ උරුමයන් : සූනියම් දේවතාවගේ දිෂ්ටි මන්ත්‍රය : සූනියම් දේවතාවගේ දිෂ්ටි මන්ත්‍රය සූනියම් දේවතාව ගැන බිදක් කතරගම දෙවියන්ගේ අන පනත් ඉටු කරන ‍දේව ආත්මයක් ලෙසට සුන්යම් දෙවියන් ස...

පොලව යට මැණික් බලන අඳුනක්෴

අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?    "අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල" දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියුව දේ වෙයි කියල මටත් හිතුනෙ මේ මම බොහොම කලාතුරකින් කරන දෙයක් නිසා වෙන්න ඇති. පොත්දාල තිබ්බ පෙට්ටි ටිකයි එහෙ මෙහෙ වැටිල තිබ්බ පොත් ටිකයි අරන් මම එලියෙ පේමන්ට් එක උඩට ගියේ මෙච්චර කල් පොත් වලට අයිතිවසිකම් කියල හිටිය කැරපොත්තො වේයො කමරේ පුරා කැරකෙන්න ගත්ත නිසා පෙට්ටි වල උඩින්ම තිබුනෙ පොඩිකාලෙ පාවිච්චි කරපු ලියන පොත්, ඒ ගොඩ අයින් කරහම තිබුනෙ මම පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් කියවපු කතා පොත්.ටොම් සෝයර්,රොබින්සන් කෘසෝ,දියමන්ති නිම්නය,මේ පොත් මාව පොත් ගුල්ලෙක් කරා වගේම එක එක පිස්සු වැඩ කරන්නත් පෙලබුව. ටොම් සෝයර්, මම වැඩිම වාර ගානක් කියවපු පොත වෙන්න ඇති, ඒ පොත ටව්න් එකේ සරසවි පොත් හලින් අප්පච්චි මට අරන් දෙන කොට මම හිටියෙ පහ වසරෙ, පොත කියවල ඉවර උනහම මටත් ඕන උනේ ටොම් වෙන්න, රස්තියාදු ගහන්න,පාලු දූපතකට යන්න, නිදන් හොයන්න, බෙකී වගේ ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න මට හිතුනත් මට ඒ කාලෙ කරන්න පුලුවන් උනේ නිදන් හොයන්න යන එකයි,ගෑනු ළමයෙක්ට ආදරේ කරන එ

පිරිසිදු ජලය මිනිසා නිරෝගී කරයි෴

Image
මේක හාමුදුරු කෙනෙක් දුන්නෙ,ඔයාලටත් වැදගත් වේවි.. ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා පිළිවෙලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව සුව කල හැකි වු රෝග මෙසේය. 1.අධික රුධිර පීඩනය,නිරත්තිය(ලේ අඩුකම,ලේ වල රක්තානු අඩු බව ) වාත රක්තය අංශභාගය,අධික හෘද ස්පන්දනය, අපස්මාරය,අතිස්ථුලතාව(තරබාරුව ) 2.කැස්ස,උගුරේ ආසාදනය,ඇදුම,ක්ෂය රෝගය,මොලේ උණ,අක්මාව මුත්‍රාශය සම්බන්ධ රෝග. 3.අධි අම්ලතාව,උදර වාතය,ලේ අතීසාරය,මල බද්ධය,දියවැඩියාව,අර්ශස් 4.සියළුම ඇස් රෝග,අක්‍රමවත් මාස ශුද්ධිය,මුත්‍රා මාර්ගයේ පිළිකා 5.ඇසේ,කනේ හෝ දත් වල සියළුම රෝග. 01උදෑසනින් පිබිදෙන්න,දත් මැදීමට පෙර මි.ලී. 640 බැගින්(වතුර බෝතලයක් ) මද උණුවතුර ප්‍රමානයක් බොන්න. ඉන්පසු, (අ ).පැයක් යනතුරු දියර හෝ ඝන කිසිවක් ආහාරයට නොගත යුතුයි. (ආ )ඉන්පසු සාමාන්‍ය ආහාර ගත හැකියි. (ඇ )කෑම වේල් තුනටම පසු පැය දෙකක් යනතුරු කිසිම කෑමක් බීමක් නොගත යුතුයි. (ඉ )රෝගී හෝ මහලු අයට එක් වර වතුර ප්‍රමාණය බීමට අපහසුනම් ටිකෙන් ටික නියමිත ප්‍රමාණය දක්වා එය දියුණු කල හැකියි. ම

සරීරය නිරෝගි කරන කරවිල෴

Image
කරවිල වල ඇති වටිනා ඖෂධීය ගුණ  කරවිල වල ඇති තිත්ත රසය නිසා වැඩි දෙනෙක් කෑමට අකමැති එළවළුවක් වුනත් කරවිල වල ඇති වටිනා ඖෂධීය ගුණ පිළිබඳ ඔබ දැනගෙන හිටියාද? කරවිල වල ඇති තිත්ත රසය නිසා වැඩි දෙනෙක් කෑමට අකමැති එළවළුවක් වුනත් කරවිල වල ගුණ පිළිබඳ ඔබ දැනගෙන හිටියාද? කරවිල ව්‍යංජනය, කරවිල බැදුම, කරවිල සම්බෝලය හා කරවිල පානයක් ලෙසිනුත් රසවත් ලෙස සාදාගෙන ආහාරයට එකතු කර ගන්න ඔබට පුළුවන්. කරවිල වල ගුණ ක්ලොස්ටරෝල් පාලනය කරවිල මගින් ශරීරයේ ඇති අහිතකර ක්ලොස්ටරෝල් ප්‍රමාණය දහනය කර හෘදයාබාධ හා හදිසි ආබාධ ඇති කිරීම වළකනවා. රුධිර පීඩනය පාලනය කිරීම හා අධික ලෙස ශරීරයට පොටෑසියම් හා සෝඩියම් අවශෝෂණය කර ගැනීම පාලනය කරනවා. පිළිකා සෛල විනාශ කිරීම කරවිල ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර ඒ මගින් අග්න්‍යාශය ආශ්‍රිත පිළිකා, පුරස්ථිති ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, පියයුරු පිළිකා, මහ බඩවැල, අක්මාව, වකුගඩු හා ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවධානම අඩු කිරීමට සමත් වෙනවා. දියවැඩියාව පාලනය කරවිල මගින් ශරීරයේ ඇති අතිරික්ත සීනි ප්‍රමාණය අඩු කර දියවැඩියාව පාලනය කරනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදු කරනවා. සිරුර තුළ පිෂ්ටය ද

ළමා හිංසනය වලකමු෴

Image
දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත Niloufer Perera MBA (PIM Srij) මවක් වන සෙල්වි රාමනාදන් ඇගේ කුරිරු ගෘහ සේවිකාව හා සම්බන්ධ අත්දැකීම බෙදාගන්නේ අනෙකුත් දරුවන්ගේ දරුවන්ගේ මතු ආරක්ෂාව පිණිසයි. වාසනාවකට මෙන් ඇගේ දරුවා නිරුපද්‍රිතව සිටින මුත් පිටස්තර කෙනෙකු තම ආදර දරුවාට පහර දෙනු දැක ඇති වූ කම්පනයෙන් මිදීමට කිසි දින හැකි වේදැයි ඔවුන් නොදනී. කුරිරු කුරිරු ගෘහ සේවිකාව හා සම්බන්ධ මෙම  සිද්ධියට මුල් වූ කරුණු සහ අනතුරු ඇඟවීම් ලීසා නමැති අප ගෘහ සේවිකාව සේවයට පැමිණ සතියක් පමණ වුවත් ඇය බොරු කියන බව අපට දැනුනේ ඇයගේ නෑදෑ මිත්‍රයින් මේ අවට නොසිටිනවා කීමත් සමඟයි. මෙම සිදුවීමට පෙරාතුව අප දුටුවේ ඇය විසිත්ත කාමරයේ හෝ මුළුතැන්ගෙයි කෙළවරකට වී තනිව කතාකරමින් හඬන බවයි. මේ නිසා අප ඇයගේ පවුල් පසුබිම ගැන අනුකම්පා සහගතව දැනගැනීමට උත්සාහ කළා. ඇය දරුවා සමඟ හොඳින් පසුවන බවක් අඔපට පෙනුනද ඇය නිරතුරුවම ජංගම දුරකතනයේ එල්ලී සිටි අතර අපගේ ගෘහ දුරකතනයද ඇය භාවිතා කරන අයුරු අප දුටුවෙමු. මෙහිදී ඇය දරුවා සමඟද කෝප ගත් බව මට පෙනී ගියා. දිනක් දරුවා ඇය වෙත ගොස් සෙල්ලම් කිරීමට තැත