Posts

ශ්‍රී ලංකාවෙට රූපවාහිනීය හඳුන්වා දුන් මුල්කාලය෴

Image
ශ්‍රී ලංකාවට රූපවාහිනීය හඳුන්වා දුන් මුල්කාලයේ වෙලඳදැන්වීම් සඳහා දැන්වගේ නවීන කැමරා උපකරන හා නවීන තාක්ෂණය නොතිබුණු අවදියක් විය. නමුත් එවකට තිබූ සීමිත සම්පත් මගින් උපරිම ප්‍රයොජනය ලබාගෙන ගුනාත්මක වෙලඳදැන්වීම් නිර්මානය කිරීීමට අප රටේ එවකට සිටි තාක්ෂණ ශිල්පීන් හට හැකිවිය.

හැටපැන්නත් වඳුරා බිමින් නොයන්නේය෴

Image
අප ජනවහරේ කියවෙන හැටපැන්නත් වඳුරා බිමින් නොයයි යන වහරේ කියවෙන කතාව කටකහනවාට කියූවක් නොවන්නේය.   වයසක පුද්ගලයන් තම වයසට නොගැලපෙන අයුරින් නොයෙකුත් ක්‍රියවල නිරත වන ආකාරය දැකපු අපේ පැරන්නන් තැනට උචිතවන ආකාරයට වචන ගලපා ප්‍රස්ථා පිරුළු නිර්මාණය කලේ මේ ආකාරයටය. 
Image
බල්ලා යන නම සුනඛයාට සුදුසු ද?                  සුනකයින් අනාදිමත් කාලයක සිට මිනිසාගේ මිතුරාය. සුනකයට බල්ලා යන නම දුන්නේද මිනිසාමය. නමුත් වර්තමානයේ සුනඛයාට හිමි තැන අරගෙන ඇත්තේ මිනිසාය. සුනඛයාට එක්වරක් යම්කිසි ආහාරයක් ලබාදුන්නා නම් වසර දහයකට පසු මුනගැසුනත් උගේ මතකය හා ලෙන්ගතුකම එලෙසමය. නමුත් මිනිසාට අදකරන උපකාරය දවස් දෙක තුනකින් අමතකව යන්නේය. මෙහෙව් සතාට බල්ලා යන නාමය ඉතාමත් හොඳින් ගැලපෙනවා නෙවේද?෴

කොහොමද ඒක.

Image
ඉවතදමන ස්ප්‍රේ තීන්තටින් යොදාගෙන කරඇති මෙම අලංකරණ නිර්මානය මොනතරම් ලස්සන නිර්මාණයක්ද. කලාව පිහිටන්න කෙනෙකුට උපතින්ම එන සහජීවනයෙන් පිහිටන හැකියවක් තිබිය යුතුමයි. මනස ඒකාකාරව තබාගෙන කලයුතු මෙම නිර්මාණ සෑම කෙනෙකුටම සිතපහල නොවන්නේය.

දරුවාට පලඳන පංචායුධය ගැන දන්නවාද?෴

Image
"පංචායුධය දරුවා ඉපදුන පසු ඔහුගේ නැකත් පරීක්ෂා කර තනනු ලබන අතර බොහෝ විට රනින් තැනු පංචායුධ දරුවාට පැළද වීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි." පංචායුධය යනු ආදි හෙළයේ දෙමව්පියන් විසින් අලුත උපන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉනෙහි හෝ බෙල්ලෙහි පළදවනු ලබන රනින් හෝ රිදියෙන් තනනු ලබන ආභරණයකි. මෙය බොහෝවිට දරු පැටියාට මුලින්ම පළදවන ආභරණයද වේ. දැන් පංචායුධයක් පැලදවීම අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස නොසැලකුවද අතීතයේ එය අලුත උපන් දරුවෙකු නිවසට ගෙන ආ විට කරන චාරිත්‍රයක් හා සම විය. බොහොවිට පවුලේ වැඩිහිටියෙකු විසින් එය දරුවාට පළදවනු ලැබු අතර දරුවා ග්‍රහ අපල දෝෂ වලින් මෙන්ම නොපෙනෙන බල වේග වලින් දරුවා ආරක්ෂා කර ගැනීම මෙහි මුලික අරමුණ විය. පංචායුධය යන නම ආයුධ පහක් යන අරුථ ලබා දෙයි. පුංචි දරුවන්ට පළදවන පංචායුධයෙහි ආයුධ පහක් දකින්නට ලැබේ. ඒවා නම්: මුගුර කඩුව දුන්න සංඛය පාරා වළල්ල ඒවා වේ. ඊට අමතරව ජොතිශ්‍යය අනුව දරුවාගේ වේලාව පරීක්ෂා කර බලා ඒ අනුව ඇති අපල උපද්‍රව අනුව ගැලපෙන මාණික්‍යයක් පංචායුධයේ ඔබ්බවනු ලබයි. පංචායුධය හා බැදි විශ්වාස අළුත උපන් බිළිඳු දරුවාගේ ගෙළෙහි පංචායුධයක් පැළැඳවීමෙන්, එම දරුවාගේ

ශ්‍රී ලාංකීය අපේ උරුමයන් : සූනියම් දේවතාවගේ දිෂ්ටි මන්ත්‍රය

ශ්‍රී ලාංකීය අපේ උරුමයන් : සූනියම් දේවතාවගේ දිෂ්ටි මන්ත්‍රය : සූනියම් දේවතාවගේ දිෂ්ටි මන්ත්‍රය සූනියම් දේවතාව ගැන බිදක් කතරගම දෙවියන්ගේ අන පනත් ඉටු කරන ‍දේව ආත්මයක් ලෙසට සුන්යම් දෙවියන් ස...

පොලව යට මැණික් බලන අඳුනක්෴

අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?    "අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල" දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියුව දේ වෙයි කියල මටත් හිතුනෙ මේ මම බොහොම කලාතුරකින් කරන දෙයක් නිසා වෙන්න ඇති. පොත්දාල තිබ්බ පෙට්ටි ටිකයි එහෙ මෙහෙ වැටිල තිබ්බ පොත් ටිකයි අරන් මම එලියෙ පේමන්ට් එක උඩට ගියේ මෙච්චර කල් පොත් වලට අයිතිවසිකම් කියල හිටිය කැරපොත්තො වේයො කමරේ පුරා කැරකෙන්න ගත්ත නිසා පෙට්ටි වල උඩින්ම තිබුනෙ පොඩිකාලෙ පාවිච්චි කරපු ලියන පොත්, ඒ ගොඩ අයින් කරහම තිබුනෙ මම පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් කියවපු කතා පොත්.ටොම් සෝයර්,රොබින්සන් කෘසෝ,දියමන්ති නිම්නය,මේ පොත් මාව පොත් ගුල්ලෙක් කරා වගේම එක එක පිස්සු වැඩ කරන්නත් පෙලබුව. ටොම් සෝයර්, මම වැඩිම වාර ගානක් කියවපු පොත වෙන්න ඇති, ඒ පොත ටව්න් එකේ සරසවි පොත් හලින් අප්පච්චි මට අරන් දෙන කොට මම හිටියෙ පහ වසරෙ, පොත කියවල ඉවර උනහම මටත් ඕන උනේ ටොම් වෙන්න, රස්තියාදු ගහන්න,පාලු දූපතකට යන්න, නිදන් හොයන්න, බෙකී වගේ ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න මට හිතුනත් මට ඒ කාලෙ කරන්න පුලුවන් උනේ නිදන් හොයන්න යන එකයි,ගෑනු ළමයෙක්ට ආදරේ කරන එ