Posts

Showing posts from November, 2018

දාතුසේන රජුට ඇලහදන හැටි කියාදුන් නීලගිරියෙ යක්කු.

HISTORY  ධාතු­සේන රජුට ඇළ හදන හැටි කියා­දුන් නීල­ගි­රියේ යක්කු November 25, 2018 Ruwan Samaravikrame 0 Comments උතුරට හැරී ගලන යෝධ ඇළ දිගේ ඉදිරියට යන අපිට ඊළඟට හමුවන්නේ මානෑවයි. මානෑව යනු ප්‍රාග් ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක රහස් රැසක් සඟවාගත් පෙදෙසෙකි. මානෑව නමින් වූ වැවක්ද, කන්දක්ද ඇති අතර වැවට පිටුපා ඇති කන්දේ සිදුකළ පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් මේ වැදගත්කම් අනාවරණය කරගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහතා මානෑව කන්ද ආශ්‍රිත විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ ප්‍රවීණයෙකි. ඔහුගේ අර්ථ දැක්වීම් අනුව මානෑව කන්ද කඳු ශිඛර කිහිපයකින් යුතු කඳු වැටියකි. මහාපාලී පොකුණ නමින් හඳුන්වන විශාල පොකුණක් මෙම කඳු මුදුනෙහි පිහිටා තිබේ. විජයාවතරණයට පෙර යක්ෂ ගෝත්‍රිකයින්ගේ වාසස්ථානයක් වූ මෙහි ඔවුන් විසින් ඉදිකළ ගොඩනැගිලි සහ විවිධ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල කොටස් හඳුනාගෙන ඇත. ඉපැරණි දේශගුණික වෙනස්වීම් නිසා නිර්මාණය වූ විශාල ගල් කැබලි හෙවත් අගම්ගල් රාශියක්ද මෙම කඳු මුදුනේ ඇති බව මහාචාර්ය ජිනදාස කටුපොත සිය වාර්තාවක දක්වා ඇත. මෙම කඳු යායේ අභ්‍යන්තර උමං පද්ධතියක්

Beautiful sri lanka, ලස්සන ශ්‍රී ලංකාව.

Image
Image
Image